Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | එස්රා 6-10

යෙහෝවා දෙවිට ඕනෙ කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන අයවයි

යෙහෝවා දෙවිට ඕනෙ කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන අයවයි

යෙරුසලමට නැවත යන්න එස්රා සූදානම් වෙයි

7:6, 22; 8:26, 27

  • යෙරුසලමට ගිහින් යෙහෝවා දෙවිට කරන නමස්කාරය වඩාත් හොඳින් කරන්න අර්තක්ෂස්තා රජගෙන් එස්රාට අවසර ලැබෙයි

  • යෙහෝවා දෙවිගේ ගෘහය සඳහා එස්රා කරපු “ඕනෑම ඉල්ලීමක් ඉටු කරන්න” රජ කැමති වුණා. ඔහු රන්, රිදී, තිරිඟු, වයින්, තෙල් සහ ලුණු ලබා දුන්නා. ඒවායේ අද දින වටිනාකම රු. කෝටි 1,350කට (ඇමරිකානු ඩොලර් 10,00,00,000) වඩා වැඩියි

යෙහෝවා දෙවි ඔහුගේ සේවකයන්ව ආරක්ෂා කරනවා කියලා එස්රා විශ්වාස කළා

7:13; 8:21-23

  • ආපහු යෙරුසලමට යන ගමන දුෂ්කර එකක් වුණා

  • ඔවුන් යන්න ඇත්තේ කි.මී. 1,600ක විතර දුර මාර්ගයකින්. ඒක අනතුරුදායක මාර්ගයක්

  • මාස 4ක් විතර ගත වුණා

  • පිටත් වුණ අයට ලොකු විශ්වාසයක්, නිර්භීතකමක් සහ සැබෑ නමස්කාරයට උද්‍යෝගයක් අවශ්‍ය වුණා

එස්රා අරගෙන ගියා . . .

රන් හා රිදී තලෙන්ත 750කට වැඩි ප්‍රමාණයක් හෝ විශාල අප්‍රිකානු ඇතුන් 3දෙනෙකුගේ බරට සමාන ප්‍රමාණයක්

මගදී මුහුණ දුන්න අභියෝග

කොල්ලකරුවෝ, රළුබිම්, භයානක වනසත්තු