Skip to content

පටුනට යන්න

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

‘ප්‍රීතිමත් පණිවිඩයක්’ සඟරාවෙන් පාඩමක් කරන විදිහ

‘ප්‍රීතිමත් පණිවිඩයක්’ සඟරාවෙන් පාඩමක් කරන විදිහ
  1. තද කලු අකුරින් තියෙන ප්‍රශ්නය අහන්න. ඒවා සකස් කරලා තියෙන්නේ මූලික කරුණ මතු වෙන විදිහට.

  2. ඊටපස්සේ ඡේදය කියවන්න.

  3. කියවන්න කියලා තියෙන බයිබල් පද කියවන්න. තද කලු අකුරින් තියෙන ප්‍රශ්නයට ඒ පදවලින් උත්තර හොයාගන්න උදව් වන සුදුසු ප්‍රශ්න අහන්න.

  4. ඒ ප්‍රශ්නය යටතේ තවත් ඡේද තියෙනවා නම් 2 සහ 3 පියවරවල් අනුගමනය කරන්න. ප්‍රශ්නයට ගැළපෙන වීඩියෝ එකක් jw.org වෙබ් අඩවියේ තියෙනවා නම් සාකච්ඡාව අතරතුරේ ඒක පෙන්වන්න.

  5. ප්‍රධාන කරුණු නිවැසියා තේරුම්ගත්තාද කියලා සහතික කරගන්න තද කලු අකුරින් තියෙන ප්‍රශ්නය ආපහු අහන්න.