යහපත් ක්‍රිස්තියානීන් වෙමු
නමස්කාර මධ්‍යස්ථාන ඉදි කිරීම සහ නඩත්තු කිරීම වරප්‍රසාදයක්
දේවමාලිගාව ඉදි කරන්න සෑහෙන මුදලක් සහ ශ්‍රමයක් අවශ්‍ය වුණා. ඊශ්‍රායෙල්වරු ඒ ව්‍යාපෘතියට උද්‍යෝගයෙන් සහයෝගය දුන්නා. (1ලේක 29:2-9; 2ලේක 6:7, 8) ඒත් ඉදි කෙරුවාට පස්සේ නඩත්තු කිරීමේ වැඩවලට ඊශ්‍රායෙල්වරුන් මුලින් උද්‍යෝගයෙන් සහයෝගය දුන්නත් පස්සේ ඒක අඩු වෙලා ගියා. (2රාජා 22:3-6; 2ලේක 28:24; 29:3) අද අපි නමස්කාර මධ්‍යස්ථාන සහ සමුළු ශාලා ඉදි කරන්නත් ඒවා නඩත්තු කරන්නත් පිරිසිදුව තියාගන්නත් සෑහෙන කාලයක් සහ ශ්‍රමයක් යොදවනවා. ඒ විදිහට යෙහෝවා දෙවිට සේවය කරන එක අපිට ලැබිලා තියෙන වරප්‍රසාදයක් වගේම අපේ පරිශුද්ධ සේවයේ කොටසක්.—ගීතා 127:1; එළි 7:15.
අපිටත් පුළුවන් . . .
-
හැම රැස්වීමකටම පස්සේ පිරිසිදු කරන්න. ඒක කරන්න අමාරු නම් ඔයා ඉඳගෙන හිටපු තැන අවට පිරිසිදුව තියලා යන්න උත්සාහ කරන්න.
-
නමස්කාර මධ්‍යස්ථානය නිතිපතා පිරිසිදු කරන්න සහ නඩත්තු කරන්න සහයෝගය දෙන්න. හැමෝම එකතු වුණොත් පහසුවෙන් වගේම සතුටින් වැඩ කරන්න පුළුවන්.—lv 105 18¶.
-
සම්මාදම් කරන්න. මුළු හිතින්ම “ඉතා සුළු” සම්මාදමක් දුන්නත් යෙහෝවා දෙවි ඒ ගැන සතුටු වෙනවා.—මාක් 12:41-44.
-
හැකියාවක් තියෙනවා නම් නමස්කාර මධ්‍යස්ථාන ඉදි කරන්නත් අලුත්වැඩියා කරන්නත් හවුල් වෙන්න. ඒකට ඉදි කිරීමේ වැඩවල පළපුරුද්ද අවශ්‍ය නැහැ.