යහපත් ක්‍රිස්තියානීන් වෙමු
‘සියවසක් පසු කළ දේවරාජ්‍යයේ පාලනය ඉදිරියටත්’
දෙවිගේ රාජ්‍යයේ පාලනය යටතේ ජීවත් වෙන්න කැමති හැමෝම ඒ රාජ්‍යය ගැනත් ඒකෙන් ඉටු කරලා තියෙන දේවල් ගැනත් ඉගෙනගන්න ඕනේ. දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා තියෙනවා කියන විශ්වාසය ශක්තිමත් කරගන්නත් අනිත් අයට ඒ ගැන කියන්නත් ඒක උදව් වෙනවා. (ගීතා 45:1; 49:3) ‘සියවසක් පසු කළ දේවරාජ්‍යයේ පාලනය ඉදිරියටත්’ කියන වීඩියෝ එක බලද්දී මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න.
-
“දෙවිගේ නිර්මාණ පිළිබඳ ඡායාරූප සහ දර්ශන ඇතුළත් වැඩසටහන” බලපු අයට ඒක ආශීර්වාදයක් වුණේ ඇයි?
-
ශුභාරංචිය මිනිසුන්ට දැනුම් දෙන්න රේඩියෝ එක පාවිච්චි කෙරුවේ කොහොමද?
-
ශුභාරංචිය ප්‍රකාශ කරන්න පාවිච්චි කරපු තවත් ක්‍රම මොනවාද? ප්‍රතිඵල මොනවාද?
-
දේශනා සේවයට ලබා දෙන පුහුණුව දියුණු වෙලා තියෙන්නේ කොහොමද?
-
ගිලියද් පාසැලේ ශිෂ්‍යයන්ට ලබා දුන්නේ මොන වගේ අමතර පුහුණුවක්ද?
-
යෙහෝවා දෙවිගේ සෙනඟට දැනුම ලබා දෙන්න සමුළු ප්‍රයෝජනවත් වෙලා තියෙන්නේ කොහොමද?
-
දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා කියලා කියන්න ඔයාට තියෙන හේතු මොනවාද?
-
දෙවිගේ රාජ්‍යයට සහාය වෙන්න අපිට පුළුවන් කොහොමද?