Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | ගීතාවලිය 34-37

යෙහෝවා දෙවි ගැන විශ්වාසය තියලා යහපත් දේ කරන්න

යෙහෝවා දෙවි ගැන විශ්වාසය තියලා යහපත් දේ කරන්න

“අධර්මිෂ්ඨකම් කරන අයට ඊර්ෂ්‍යා නොකරන්න”

37:1, 2

  • දුෂ්ට මිනිසුන් තාවකාලිකව දියුණු වෙනවා දකිද්දී ඒ ගැන කේන්ති අරන් යෙහෝවා දෙවිට සේවය කරන එක නතර කරන්න එපා. අනාගතයේදී ඔයාට ලැබෙන ආශීර්වාද ගැනත් ඔයාට කරන්න පුළුවන් දේවල් ගැනත් හිතන්න

“යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබා යහපත කරන්න”

37:3

  • සිත්තැවුලක් හරි සැකයක් හරි ඇති වෙන ඕනම වෙලාවක යෙහෝවා දෙවි අනිවාර්යයෙන්ම ඔයාට උදව් කරනවා කියලා විශ්වාස කරන්න. දිගටම විශ්වාසවන්තව ඉන්න දෙවි ඔයාට උදව් කරයි

  • දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය අනිත් අයට කියන්න ඔයාගේ උපරිමය කරන්න

“යෙහෝවා දෙවිව ඔබේ ජීවිතයේ සතුට කරගන්න”

37:4

  • යෙහෝවා දෙවිව තවත් හොඳින් දැන හඳුනා ගැනීමේ අරමුණින් බයිබලය කියවලා ඒ ගැන හිතන්න වෙලාව වෙන් කරගන්න

“ඔබේ ජීවිතය යෙහෝවා දෙවිට භාර දෙන්න”

37:5, 6

  • ඕනෙම ප්‍රශ්නයකට සාර්ථකව මුහුණ දෙන්න යෙහෝවා දෙවි අනිවාර්යයෙන්ම ඔයාට උදව් කරනවා කියලා විශ්වාස කරන්න

  • විරුද්ධවාදීකම්, පීඩා සහ බොරු චෝදනා මැද වුණත් ඔයාගේ හැසිරීම යහපත්ව තියාගන්න

“යෙහෝවා දෙවි ක්‍රියා කරන තෙක් නිහඬව, ඉවසිලිවන්තව බලා සිටින්න”

37:7-9

  • හිතුවක්කාර විදිහට හැසිරෙන්න එපා. ඒකෙන් අපි අද්දකින ප්‍රීතියත්, දෙවිගෙන් ලැබෙන රැකවරණයත් නැති වෙනවා

“නිහතමානී අය පොළොව උරුම කරගන්නෝය”

37:10, 11

  • ඔයා අද්දකින හැම අසාධාරණයකටම යෙහෝවා දෙවි විසඳුමක් දෙන කල් නිහතමානීව, මෘදුකමින් කටයුතු කරන්න

  • ළඟදීම අපිට ලැබෙන්න නියමිත පාරාදීස පොළොව ගැන කතා කරලා මානසික පීඩනයෙන් ඉන්න අයවත් අපේම සහෝදර සහෝදරියන්වත් දිරිගන්වන්න

දෙවිගේ රාජ්‍යයෙන් අපිට ආශීර්වාද ගොඩක් ලැබෙනවා