Skip to content

පටුනට යන්න

අත්හදා බලන්න යෝජනා

අත්හදා බලන්න යෝජනා

‘මුරටැඹ’

ප්‍රශ්නය: බයිබලය දෙවියන්ගෙන් ලැබුණ පොතක් නම් ඔයාට හිතෙන්නේ නැද්ද ඒක ආරක්ෂා කරන්න දෙවිට පුළුවන් කියලා?

බයිබල් පදය: යෙසා 40:8

ඉදිරිපත් කිරීම: අතීතයේ ඉඳලා බයිබලය ආරක්ෂා වෙලා තියෙන විදිහ ගැන මේ ලිපිවල කතා කරනවා.

‘මුරටැඹ’ (අන්තිම පිටුව)

ප්‍රශ්නය: මේ ප්‍රශ්නය ගැන ඔයාගේ අදහස දැනගන්න කැමතියි. [16වෙනි පිටුවේ තියෙන ප්‍රශ්නය අහන්න.] සමහර අය හිතන්නේ ආගම් හදාගත්තේ මිනිස්සු කියලා. තවත් අය හිතනවා දෙවියන් ආගමක් හදලා තියෙන්නේ මිනිසුන්ව හරි පාරට ගන්න කියලා. ඔයා හිතන්නේ මොකක්ද?

බයිබල් පදය: යාකො 1:27

ඉදිරිපත් කිරීම: මේ ගැන බයිබලයේ තියෙන තවත් දේවල් මේ ලිපියේ පැහැදිලි කරනවා. අපි වෙන වෙලාවක හම්බ වෙලා ඒ ගැන සාකච්ඡා කරමුද?

‘සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!’

ප්‍රශ්නය: බයිබලයේ තියෙන අනාවැකි කියවන එක හරියට පත්තරයක් කියවනවා වගේ කියලයි හුඟක් අයට හිතෙන්නේ. මේ අනාවැකියේ තියෙන මොන දේවල් ඉටු වෙන විදිහද ඔයා දැකලා තියෙන්නේ?

බයිබල් පදය: 2තිමෝ 3:1-5

ඉදිරිපත් කිරීම: ඒ දේවල් දකිද්දී දෙවියන්ට ආදරේ කරන අයට සතුටක් දැනෙන්නේ ඇයි කියලා මේ සඟරාවේ කතා කරනවා. [පළවෙනි පාඩමේ 2වෙනි ප්‍රශ්නය පෙන්වන්න.]

ඔයාගේ යෝජනාව ලියන්න

ඔයාගේ යෝජනා හදාගන්න ඉහළ තියෙන යෝජනා උදව්වට ගන්න.