චිලී රටේ බයිබල් පාඩමක් පවත්වමින්

ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත 2016 දෙසැම්බර් 

අත්හදා බලන්න යෝජනා

පිබිදෙව්! සඟරාව සහ දුක් වේදනාවලට දෙවියන් ඉඩ දීලා තියෙන හේතුව බයිබලයෙන්ම උගන්වන්න උදව් වෙන අත්හදා බලන්න යෝජනා. ඔයාගේ යෝජනාව හදාගන්න අත්හදා බලන්න යෝජනා උදව්වට ගන්න.

දේවවචනය නිධානයක්

“අපි යෙහෝවා දෙවිගේ කන්දට නඟිමු”

යුද්ධායුධවලින්, වගා කරන්න උපකරණ හදාගන්නවා කියලා යෙසායා කිව්වේ යෙහෝවා දෙවිගේ සෙනඟ අද්දකින සාමය විස්තර කරන්නයි. (යෙසායා 2:4)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

සේවයේ දක්ෂ වීමට - ‘දෙවිගේ ප්‍රේමය’ පොතෙන් හිතට කතා කරන්න

දෙවිගේ ප්‍රතිපත්ති එදිනෙදා ජීවිතයේදී අදාළ කරගන්න ඕන විදිහ ශිෂ්‍යයාට තේරුම්ගන්න ‘දෙවිගේ ප්‍රේමය’ පොත උදව් වෙනවා.

දේවවචනය නිධානයක්

ගැලවුම්කරු මාර්ගයෙන් ඉටු වුණු අනාවැකි

යේසුස් ඉපදෙන්න සියවස් ගණනාවකට කලින් යෙසායා කියලා තිබුණා ගැලවුම්කරු ගලීල දේශය පුරා දේශනා කරනවා කියලා. යේසුස් ගලීලය පුරා දේශනා කරද්දී ඒ අනාවැකිය ඉටු වුණා.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

“මම යන්න කැමතියි. මාව යවන්න.”

යෙසායා වගේ වැඩි සේවයක් කරන්න ඉදිරිපත් වෙන්න අපිට පුළුවන් කොහොමද? ප්‍රචාරකයන් අඩු පළාතකට ගිහින් සේවය කරන්න ඉදිරිපත් වුණු පවුලකගෙන් ඉගෙනගමු.

දේවවචනය නිධානයක්

යෙහෝවා දෙවි පිළිබඳ දැනුමෙන් පොළොව පිරෙනවා

පාරාදීසය ගැන යෙසායා කියපු අනාවැකිය අතීතයේදී ඉටු වුණු හැටිත් අපේ කාලෙදී සහ අනාගතයේදී ඉටු වෙන විදිහ.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ඕනම භේදයක් පරදන දෙවිගේ ඉගැන්වීම්

දෙවිගේ ඉගැන්වීම්වල තියෙන බලය නිසා කලින් සතුරන්ව හිටපු දෙන්නෙක් දැන් සහෝදරයන් වෙලා.

දේවවචනය නිධානයක්

බලය අනිසි විදිහට පාවිච්චි කරන්න එපා

ෂෙබ්නාට තමන්ගේ අධිකාරිය පාවිච්චි කරන්න තිබුණේ කොහොමද? යෙහෝවා දෙවි ෂෙබ්නා වෙනුවට එලියාකීම්ව පත් කළේ ඇයි?