යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“මම යන්න කැමතියි. මාව යවන්න.”
යෙසායා කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා. එයාගේ පැවරුමට අයිති හැම කාරණයක් ගැනම දන්නේ නැති වුණත් එයාට ශක්තිමත් විශ්වාසයක් තිබුණු නිසා එයා ඉක්මනින්ම ඉදිරිපත් වුණා. (යෙසා 6:8) ප්‍රචාරකයන් අඩු ප්‍රදේශයක සේවය කරන්න ඔයාටත් පුළුවන්ද? (ගීතා 110:3) ඒ වගේ දෙයක් කරන්න කලින් අනිවාර්යයෙන්ම ඒකට යන ‘වියදම ගණන් බලන්න’ ඕනේ. (ලූක් 14:27, 28) හැබැයි දේශනා සේවය වෙනුවෙන් ඕනෙම කැප කිරීමක් කරන්න කැමැත්තෙන් ඉන්න. (මතෙ 8:20; මාක් 10:28-30) ‘අවශ්‍යතා වැඩි ප්‍රදේශවල සේවයට යෑම’ වීඩියෝ එකෙත් පෙන්වන විදිහට යෙහෝවා දෙවිට සේවය කරන්න අපි කරන ඕනෙම කැප කිරීමකට වඩා වැඩියෙන් ආශීර්වාද අද්දකින්න ලැබෙනවා.
වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න:
-
ඉක්වදෝරයට ගිහින් සේවය කරන්න විලියම්ස්ගේ පවුලේ අය කළේ මොන වගේ කැප කිරීම්ද?
-
සේවය කරන්න ප්‍රදේශයක් තෝරගද්දී එයාලා සලකලා බැලුවේ මොන වගේ පැති ගැනද?
-
එයාලා අද්දැක්ක ආශීර්වාද මොනවද?
-
ප්‍රචාරකයන් අඩු ප්‍රදේශ ගැන තවත් විස්තර දැනගන්න පුළුවන් කොහෙන්ද?
ඊළඟට කරන පවුලේ නමස්කාරයේදී මේ ප්‍රශ්න ගැන සාකච්ඡා කරන්න:
-
පවුලක් විදිහට අපේ සේවය තවත් වැඩි කරන්න පුළුවන් කොහොමද? (km 8/11 4-6)
-
ප්‍රචාරකයන් අඩු පැත්තකට යන්න අපිට බැරි නම් සභාවේ අයට උදව් කරන්න අපිට පුළුවන් මොන වගේ පැතිවලින්ද? (w16.03 23-25)