යහපත් ක්‍රිස්තියානීන් වෙමු
සේවයේ දක්ෂ වීමට - ‘දෙවිගේ ප්‍රේමය’ පොතෙන් හිතට කතා කරන්න
ඒක වැදගත් ඇයි? යෙහෝවා දෙවි පිළිගන්න විදිහට නමස්කාර කරන්න නම් ඔහුගේ ප්‍රතිපත්ති ඉගෙනගෙන ඒවා පිළිපදින්න ඕනේ. (යෙසා 2:3, 4) බයිබලයේ ඉගැන්වීම් පොතට පස්සේ ශිෂ්‍යයා එක්ක පාඩම් කරන්නේ ‘දෙවිගේ ප්‍රේමය’ පොතයි. දෙවිගේ ප්‍රතිපත්ති එදිනෙදා ජීවිතයේදී අදාළ කරගන්න ඕන විදිහ තේරුම්ගන්න ඒ පොත උදව් වෙනවා. (හෙබ්‍රෙ 5:14) ඒ තොරතුරු හිතට කාවදින විදිහට ඉගැන්නුවොත් විතරයි දෙවි ගැන ආදරයක් ඇති කරගෙන අවශ්‍ය වෙනස්කම් කරන්න ශිෂ්‍යයා පෙලඹෙන්නේ.—රෝම 6:17.
ඒක කරන්නේ කොහොමද?
-
ශිෂ්‍යයා ගැන මනසේ තියාගෙන පාඩමට සූදානම් වෙන්න. පාඩමේ තොරතුරු ගැන එයාට හිතෙන විදිහ දැනගන්න උදව් වෙන ප්‍රශ්න හදාගන්න.—හිතෝ 20:5; be 259
-
බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්න එකේ වටිනාකම තේරුම් කරලා දෙන්න කොටුවල තියෙන තොරතුරු පාවිච්චි කරන්න
-
හෘදය සාක්ෂියට අනුව ගන්න තීරණවලදී හොඳට හිතලා බලන්න උදව් කරන්න. එයා වෙනුවෙන් තීරණ ගන්න එපා.—ගලා 6:5
-
සමහර බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්න ශිෂ්‍යයාට උදව් ඕනෙද කියලා හඳුනගන්න. යෙහෝවා දෙවිට තියෙන ආදරේ නිසා අවශ්‍ය වෙනස්කම් කරන්න එයාව දිරිගන්වන්න.—හිතෝ 27:11; යොහ 14:31