Skip to content

පටුනට යන්න

අත්හදා බලන්න යෝජනා

අත්හදා බලන්න යෝජනා

‘මුරටැඹ’

ප්‍රශ්නය: ස්වර්ගය මොන වගේ තැනක්ද කියලා ඇහුවොත් ඔයා මොනවද කියන්නේ?

බයිබල් පදය: යොහ 8:23

ඉදිරිපත් කිරීම: යේසුත් ඔහුගේ පියාත් ස්වර්ගය ගැන කියලා තියෙන දේවල් මේ ‘මුරටැඹ’ සඟරාවේ තියෙනවා.

බයිබලයෙන් උගන්වන්න

ප්‍රශ්නය: බලන්න මේ අනාවැකියේ තියෙන දේවල් ඔයා අද දකිනවද කියලා.

බයිබල් පදය: 2තිමෝ 3:1-5

බයිබලයේ කියන්නේ: අන්තිම කාලය ගැන තියෙන ඒ අනාවැකිය ඉටු වෙන විදිහ අපි දකිනවා. ඒ නිසා අනාගතයේදී ලස්සන කාලයක් ලැබෙනවා කියලා තියෙන අනාවැකියත් අනිවාර්යයෙන්ම ඉටු වෙයි කියලා විශ්වාස කරන්න පුළුවන්.

‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?’ (වීඩියෝ එක)

හැඳින්වීම: අපේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න පුළුවන් විදිහ ගැන තියෙන පුංචි වීඩියෝ එකක් අපි අද පෙන්නුවා. [වීඩියෝ එක පෙන්වන්න.]

ඉදිරිපත් කිරීම: දෙවියන් අද තියෙන හැම ප්‍රශ්නයක්ම විසඳන විදිහ ගැන බයිබලයේ තියෙන තොරතුරු මේ පොතේ සඳහන් වෙනවා. [‘බයිබලයේ ඉගැන්වීම්’ පොත ඉදිරිපත් කරන්න.]

ඔයාගේ යෝජනාව ලියන්න

ඔයාගේ යෝජනා හදාගන්න ඉහළ තියෙන යෝජනා උදව්වට ගන්න.