යහපත් ක්‍රිස්තියානීන් වෙමු
යෞවනයෙනි තවත් කල් දාන්න එපා
අපි තරුණ වයසේ ඉන්නකොට හුඟක් වෙලාවට හිතෙන්නේ අපේ තරුණ කාලේ හැමදාම තියෙයි, මහලු වුණාම ඇති වෙන “දුෂ්කර දවස්” අපිට ඇති වෙන එකක් නැහැ කියලයි. (දේශ 12:1) ඔයාත් යෞවනයෙක් නම් පූර්ණකාලීන සේවය වගේ ඉලක්ක ජය ගන්න ඔයාට තව ඕන තරම් කාලය තියෙනවා කියලා හිතනවද?
අපි හැමෝටම “නොසිතන මොහොතක බලාපොරොත්තු නොවූ දේවල්” වෙන්න පුළුවන්. (දේශ 9:11) හෙට මොනවා වෙයිද කියලා අපි දන්නේ නැහැ. (යාකො 4:14) ඒ නිසා දෙවිට වැඩිපුර සේවයක් කරන එක හේතුවක් නැතුව කල් දාන්න එපා. හැකියාව තියෙන වෙලාවේ ‘සේවය කරන්න තියෙන ප්‍රස්තාව’ අල්ලගන්න. (1කොරි 16:9) එතකොට ඔයාට කවදාවත් පසුතැවෙන්න වෙන්නේ නැහැ.
තියාගන්න පුළුවන් ඉලක්ක:
-
වෙන භාෂාවක් කතා කරන පැත්තක සේවය කරන එක
-
පුරෝගාමි සේවය
-
විවිධ පාසැල්වලට සහභාගි වීම
-
ඉදි කිරීමේ වැඩ
-
බෙතෙල් සේවය
-
චාරිකා සේවය