යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“ඇගේ ස්වාමිපුරුෂයා ජනයාගේ ගෞරවය දිනාගෙන සිටියි”
ලෙමුවෙල් රජගේ කාලේ ගුණවත් බිරිඳක් ඉන්න ‘ස්වාමිපුරුෂයෙක් ජනයාගේ ගෞරවය දිනාගත්තා.’ (හිතෝ 31:23) විවාහක වැඩිමහල්ලන්ටත්, සහායක සේවකයන්ටත් එයාලගේ වගකීම් හොඳින් ඉටු කරන්න බිරිඳගේ හැසිරීමත් සහයෝගයත් හුඟක් දායක වෙනවා. (1තිමෝ 3:4, 11) ස්වාමිපුරුෂයා විතරක් නෙවෙයි සභාවේ අයත් ඒ වගේ බිරිඳක්ව අගය කරනවා.
ගුණවත් බිරිඳක් ස්වාමිපුරුෂයාට සහාය වෙන ක්‍රම
-
කාරුණික වචනවලින් දිරිගන්වනවා.—හිතෝ 31:26
-
සභාව වෙනුවෙන් කාලය වැය කරන්න කැමැත්තෙන්ම ඉඩ දෙනවා.—1තෙස 2:7, 8
-
තියෙන දෙයින් සෑහීමට පත් වෙනවා.—1තිමෝ 6:8
-
සභාවට අදාළ රහසිගත කාරණා ගැන අහන්නෙවත් සභාවට අදාළ තීරණවලට බලපෑම් කරන්නෙවත් නැහැ.—1තිමෝ 2:11, 12; 1පේතෘ 4:15