Skip to content

පටුනට යන්න

ගුණවත් බිරිඳක් | හිතෝපදේශ 27-31

ගුණවත් බිරිඳක්

ගුණවත් බිරිඳක්

හිතෝපදේශ 31 තියෙන්නේ ලෙමුවෙල් රජුට එයාගේ අම්මා දුන්නු වටිනා උපදෙස්. ගුණවත් බිරිඳක් මොන වගේද කියලා තේරුම්ගන්න ඒක උදව් වුණා.

ගුණවත් බිරිඳක් විශ්වාසවන්තයි

31:10-12

  • පවුලට අදාළ තීරණ ගද්දී බිරිඳක් එයාගේ අදහස් කියනවා. සැමියාගේ තීරණය යටහත්පහත්ව පිළිගන්නවා

  • බිරිඳ නැණවත් තීරණ ගනියි කියලා සැමියාට විශ්වාසයි. හැම පුංචි දෙයක්ම තමන්ගෙන් අහන්න කියලා සැමියා බල කරන්නේ නැහැ

ගුණවත් බිරිඳක් කඩිසරයි

31:13-27

  • පවුලේ අයට ලස්සනට ඇඳලා ඉන්න, පෝෂ්‍යදායි කෑම දෙන්න ඕන නිසා බිරිඳක් අරපිරිමැස්මෙන් වැඩ කරනවා

  • හුඟක් මහන්සි වෙලා වැඩ කරන ගමන්ම දිවා රෑ බලන්නේ නැතුව ගෙදර අයව රැකබලා ගන්නවා

ගුණවත් බිරිඳක් දෙවි එක්ක කිට්ටු බැඳීමක් තියාගන්නවා

31:30

  • යෙහෝවා දෙවිට ගරුබිය දක්වන ඇය දෙවි එක්ක කිට්ටු බැඳීමකුත් තියාගන්නවා