Skip to content

පටුනට යන්න

අත්හදා බලන්න යෝජනා

අත්හදා බලන්න යෝජනා

‘මුරටැඹ’

ප්‍රශ්නය: ගොඩක් අයට හුරු පුරුදු මේ වචන ඔයා අහලා තියෙනවාද?

බයිබල් පදය: යොහ 3:16

ඉදිරිපත් කිරීම: යේසුස් දුක් විඳලා මැරුණු එකෙන් අපිට ප්‍රයෝජන ලැබෙන විදිහ ගැන මේ ‘මුරටැඹ’ සඟරාවේ විස්තර කරලා තියෙනවා.

‘මුරටැඹ’ (අන්තිම පිටුව)

ප්‍රශ්නය: මේ ප්‍රශ්නයයි සමහරු දෙන උත්තරයි බලන්න. [මුලින් තියෙන ප්‍රශ්නයයි ඒත් එක්කම තියෙන ප්‍රශ්න ටිකයි කියවන්න.] ඔයා හිතන්නේ මොකක්ද?

බයිබල් පදය: මතෙ 4:1-4

ඉදිරිපත් කිරීම: යක්ෂයා යේසුස් එක්ක කතා කරලා ඔහුව වරදකට අහු කරගන්න හැදුවා. ඒ නිසා යක්ෂයා නපුරු සිතුවිල්ලක් වෙන්න බැහැ. යක්ෂයා ගැන බයිබලයේ තව මොනවාද කියන්නේ? ඒ ගැන මේ ලිපියේ විස්තර කරනවා.

සිහි කිරීමේ ආරාධනා පත්‍ර

ඉදිරිපත් කිරීම: මේ ආරාධනා පත්‍රය දෙන්නයි ආවේ. [නිවැසියාට ආරාධනා පත්‍රයක් දෙන්න.] මාර්තු 23වෙනිදා ලෝකේ පුරාම ඉන්න හුඟදෙනෙක් යේසුස්ගේ මරණය සිහි කරන්න රැස් වෙනවා. එදාට දෙන බයිබල් දේශයෙන් යේසුස්ගේ මරණයෙන් අපිට ලැබෙන ප්‍රයෝජන ගැන දැනගන්න පුළුවන්. ඒක පවත්වන තැනයි වෙලාවයි මේ ආරාධනා පත්‍රයේ තියෙනවා. ඔයාත් එනවා නම් අපි කැමතියි.

ඔයාගේ යෝජනාව ලියන්න

ඔයාගේ යෝජනා හදාගන්න ඉහළ තියෙන යෝජනා උදව්වට ගන්න.