Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | යෝබ් 1-5

පීඩා මැද යෝබ් දෙවිට විශ්වාසවන්තව හිටියා

පීඩා මැද යෝබ් දෙවිට විශ්වාසවන්තව හිටියා

ඊශ්‍රායෙල්වරු ඊජිප්තුවේ වහල්භාවයේ හිටිය කාලේ යෝබ් හිටියේ ඌෂ් දේශයෙයි. ඔහු ඊශ්‍රායෙලිතයෙක් නොවුණත් දෙවිට විශ්වාසවන්තව නමස්කාර කෙරුවා. ඔහුට දරුවන් හුඟදෙනෙක් හිටියා. ඔහු ඉතා ධනවත්, සමාජයේ පිළිගැනීමක් තිබුණ, හොඳ උපදෙස් දෙන කෙනෙක් වගේම අපක්ෂපාතී විනිශ්චයකරුවෙක්. දිලිඳු, අසරණ අයටත් උදව් කෙරුවා. ඔහු දෙවිට විශ්වාසවන්තව හිටිය කෙනෙක්.

තමන්ගේ ජීවිතයේ වටිනාම කෙනා යෙහෝවා දෙවි කියලා යෝබ් පෙන්නුවා

1:8-11, 22; 2:2-5

  • යෝබ් දෙවිට විශ්වාසවන්තව ඉන්නවා සාතන් දැක්කා. යෝබ් දෙවිට පෙන්නුව කීකරුකම ගැන සාතන් ප්‍රශ්න කෙරුවේ නැහැ. ඒත් ඔහු යෝබ්ගේ චේතනාවන් ගැන ප්‍රශ්න කළා

  • යෝබ් දෙවිට සේවය කරන්නේ දෙවි ආශීර්වාද කරන හින්දයි කියලා සාතන් කිව්වා

  • ඒ චෝදනාවට උත්තරයක් දෙන්න යෝබ්ට පීඩා ගේන්න දෙවි සාතන්ට ඉඩහැරියා. ඔහුට හැම පැත්තකින්ම සාතන් පීඩා ගෙනාවා

  • යෝබ් දිගටම විශ්වාසවන්තව ඉන්නවා දැකපු සාතන් මුළු මිනිස් වර්ගයාම දෙවිට විශ්වාසවන්තව ඉඳියිද කියන ප්‍රශ්නය මතු කෙරුවා

  • යෝබ් වචනයකින්වත් පව් කෙරුවේ නැහැ