Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | යෝබ් 6-10

යෝබ් තමන්ගේ හිතේ වේදනාව හෙළි කරයි

යෝබ් තමන්ගේ හිතේ වේදනාව හෙළි කරයි

යෝබ් අසරණ වුණත් වියෝදුකෙන් හිටියත් රෝගයකින් දුක් වින්දත් දෙවිට විශ්වාසවන්තව හිටියා. සාතන්ට ඕන වුණේ ඔහුව අධෛර්යය කරලා ඔහුගේ විශ්වාසය නැති කරන්න. මිතුරන් 3දෙනෙක් ඇවිත් යෝබ් ගැන අනුකම්පාවක් තියෙනවා වගේ පෙන්නුවත් ඔහුව සනසන්න කිසිම දෙයක් නොකියා දවස් 7ක්ම ඔහු එක්ක හිටියා. ඒත් ඔවුන් කතා කරන්න පටන්ගත්තාට පස්සේ යෝබ්ට දිගටම චෝදනා කළා.

යෝබ් කරදර ගොඩකට මුහුණ දුන්නත් දිගටම දෙවිට විශ්වාසවන්තව හිටියා

6:3; 7:16; 9:20-22; 10:1, 12

  • කරදර මැද්දේ හිටපු යෝබ් වැරදි හැඟීමක් ඇති කරගත්තා. තමන් දෙවිට විශ්වාසවන්තව හිටියත් දෙවිට නම් කිසි ගාණක් නැහැ කියලයි ඔහු හිතුවේ

  • අධෛර්යයට පත් වෙලා හිටිය හින්දා තමන් දුක් විඳින්නේ මොන හේතුව නිසාද කියලා යෝබ් හිතලා බැලුවේ නැහැ

  • දැඩි වේදනාවකින් හිටියත් චෝදනා කරපු අයට යෝබ් කිව්වේ ඔහු යෙහෝවා දෙවිට ආදරෙයි කියලයි