Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

නැවත නැඟිටීමක් ලැබෙන්නේ ජීවිත පූජාව නිසයි

නැවත නැඟිටීමක් ලැබෙන්නේ ජීවිත පූජාව නිසයි

ජීවිත පූජාව නිසා අපිට අනාගතයේදී ලැබෙන ආශීර්වාද ගැන හිතන්න සිහි කිරීම හොඳ අවස්ථාවක්. ඒ ආශීර්වාදවලින් එකක් තමයි නැවත නැඟිටීම. දෙවි මිනිසුන්ව නිර්මාණය කෙරුවේ මැරෙන්න නෙමෙයි. ඒ නිසයි අපි ආදරය කරපු කෙනෙක් මැරුණාම ලොකු වේදනාවක් දැනෙන්නේ. (1කොරි 15:26) ලාසරුස්ගේ මරණය නිසා තම අනුගාමිකයන් දුක් වෙද්දී ඒ දුක යේසුස්ටත් දැනුණා. (යොහ 11:33-35) යේසුස්ට තියෙන්නේ ඔහුගේ පියාගේම ගතිලක්ෂණ නිසා කෙනෙක්ගේ මරණය ගැන අපි දුක් වෙද්දී ඒ දුක දෙවිටත් දැනෙනවා. (යොහ 14:7) මැරුණු අයට නැවත ජීවිතය දෙන කාලය එන කල් දෙවි මහත් ආශාවකින් බලාගෙන ඉන්නවා. ඔවුන්ව දැකගන්න අපිත් ආශාවෙන් බලාගෙන ඉන්න ඕනේ.—යෝබ් 14:14, 15.

යෙහෝවා දෙවි හැම දේම පිළිවෙළකට කරන නිසා නැවත නැඟිටුවීමත් පිළිවෙළකට කරයි කියලා විශ්වාස කරන්න පුළුවන්. (1කොරි 14:33, 40) එදාට මළ ගෙවල් වෙනුවට නැවත නැඟිටවපු අයව පිළිගැනීමේ අවස්ථාවන් තියෙයි. නැවත නැඟිටුවීම ගැන, විශේෂයෙන්ම වියෝදුකෙන් ඉන්න වෙලාවක ඒ ගැන කල්පනා කරනවාද? (2කොරි 4:17, 18) මැරුණු අයට ආපහු ජීවිතය ලැබෙනවා කියලා බයිබලයේ කියලා තියෙන එක ගැනත් යේසුස්ගේ ජීවිත පූජාව ගැනත් ඔබ දෙවිට ස්තුති කරනවාද?—කොලො 3:15.

  • ඔබේ යාළුවන්ගෙන් හා නෑදෑයන්ගෙන් වැඩියෙන්ම දකින්න ආසාවෙන් ඉන්නේ කාවද?

  • ඔබ හම්බ වෙන්න වැඩියෙන්ම කැමති මොන බයිබල් චරිතද?