Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | යෝබ් 11-15

නැවත නැඟිටීම ගැන යෝබ්ට විශ්වාසයක් තිබුණා

නැවත නැඟිටීම ගැන යෝබ්ට විශ්වාසයක් තිබුණා

තමන්ව නැවත නැඟිටුවන්න දෙවිට පුළුවන් කියන විශ්වාසය ගැන යෝබ් කිව්වා

14:7-9, 13-15

  • තමන්ව නැවත නැඟිටුවන්න දෙවිට පුළුවන් කියන දේ පෙන්නන්න ඔහු ගහක් උදාහරණෙකට ගත්තා. හුඟක් වෙලාවට ඒක ඔලීව ගහක් වෙන්න ඇති

  • ඔලීව ගහේ මුල් පොළොවේ ගැඹුරටම විහිදෙනවා. ඒ නිසා ගහේ කඳ කපා දැම්මත් මුල්වලට පණ තියෙන කල් ආයෙත් දලු දාලා වැඩෙන්න ගහට පුළුවන්

  • නියඟයෙන් පස්සේ වහින්න පටන්ගත්තම වේළිලා තියෙන ඔලීව ගහේ කඳට අලුත් පණක් ලැබිලා ‘අතු ඉති ලියලා, අලුත් ගහක් වගේ ඒක හටගන්නවා’