Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | එස්තර් 6-10

එස්තර් ආත්ම පරිත්‍යාගශීලීව ක්‍රියා කළා

එස්තර් ආත්ම පරිත්‍යාගශීලීව ක්‍රියා කළා

එස්තර් නිර්භීතව සහ ආත්ම පරිත්‍යාගශීලීව ක්‍රියා කළා

8:3-5, 9

  • එස්තර්ගෙයි මොර්දෙකයිගෙයි ජීවිත බේරුණා. ඒත් හාමාන් යුදෙව් සෙනඟව නැති කරලා දාන්න පැනෙව්ව නීතිය මුළු අධිරාජ්‍යය පුරාම පැතිරෙමින් තිබුණා

  • එස්තර් ආපහු තමාගේ ජීවිතය පරදුවට තියලා ආරාධනයක් නැතුවම රජු ඉදිරියට ගියා. ඇය තමන්ගේ සෙනඟ වෙනුවෙන් රජු ඉදිරියේ අඬලා ඉල්ලුවා නීතිය අවලංගු කරන්න කියලා

  • රජුගේ නමින් නීතියක් පැනෙව්වොත් ඒක අවලංගු කරන්න බැහැ. ඒ නිසා රජ අලුත් නීතියක් පනවන්න එස්තර්ටයි මොර්දෙකයිටයි අවසර දුන්නා

තම සෙනඟට සටන ජය ගන්න දෙවි උදව් කළා

8:10-14, 17

  • අලුත් නීතිය නිසා ආරක්ෂා වෙන්න පියවර ගන්න යුදෙව්වන්ට පුළුවන් වුණා

  • පණිවිඩකරුවන් වේගවත් අශ්වයන් පිට නැඟලා අධිරාජ්‍යයේ අස්සක් මුල්ලක් නෑර ගියා. යුදෙව්වන් සටනට සූදානම් වුණා

  • දෙවිගේ අනුමැතිය යුදෙව්වන්ට තියෙනවා කියලා දැක්ක හුඟදෙනෙක් යුදෙව් ආගමට හැරුණා