Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

අමුත්තන්ව සාදරෙන් පිළිගන්න

අමුත්තන්ව සාදරෙන් පිළිගන්න

මාර්තු 23වෙනිදා පවත්වන සිහි කිරීමට අමුත්තන් මිලියන 12ක් හෝ ඊට වැඩියෙන් එයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. යෙහෝවා දෙවිගේ තෑග්ග වන යේසුස්ගේ ජීවිත පූජාව ගැනත් ඒ තෑග්ග නිසා මුළු මිනිස් වර්ගයාටම අනාගතයේදී ලැබෙන ආශීර්වාද ගැනත් කථිකයා විස්තර කරද්දී ඒක ඔවුන්ට මොන තරම් සාක්ෂියක් වෙයිද! (යෙසා 11:6-9; 35:5, 6; 65:21-23; යොහ 3:16) මේ විශේෂ අවස්ථාවේදී කථිකයාට විතරක් නෙමෙයි අපිටත් පුළුවන් අමුත්තන්ව පිළිගන්න විදිහෙන් සාක්ෂියක් දෙන්න. (රෝම 15:7) ඒකට යෝජනා කීපයක් මෙන්න.

  • වාඩි වෙලා වැඩසටහන පටන්ගන්න කල් බලාගෙන ඉන්නේ නැතුව අමුත්තන්ව සහ සභාවෙන් ඈත් වෙලා හිටිය අයව සුහදව පිළිගන්න

  • ඔබ ආරාධනා කරපු අයට විශේෂ අවධානයක් දුන්නත් ආරාධනා පත්‍ර ලැබිලා එන අය ගැනත් අවධානයෙන් ඉන්න. අලුත් අයට ඔබ ළඟින් ඉඳගන්න කියන්න. ඔබේ බයිබලයයි ගීතිකා පොතයි පෙන්වන්න

  • දේශනයෙන් පස්සේ ඒ අය අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න ඉදිරිපත් වෙන්න. තවත් සභාවක් ඒ ස්ථානය පාවිච්චි කරන නිසා ඔබට ඉක්මනින් යන්න වෙනවා නම් ඒ අයව දවස් කීපයක් ඇතුළත හමු වෙන්න සැලසුම් යොදන්න. ඒ අය ගැන තොරතුරු දන්නේ නැත්නම් මෙහෙම අහන්න පුළුවන්. “රැස්වීම ගැන ඔයා මොකද හිතන්නේ? ඔයාව ආයෙත් හම්බ වෙන්න ක්‍රමයක් තියෙනවාද?”