Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | ගීතාවලිය 11-18

යෙහෝවා දෙවිගේ ශුද්ධ කූඩාරමට ඇතුල් වෙන්න පුළුවන් කාටද?

යෙහෝවා දෙවිගේ ශුද්ධ කූඩාරමට ඇතුල් වෙන්න පුළුවන් කාටද?

කෙනෙක් යෙහෝවා දෙවිගේ ශුද්ධ කූඩාරමට ඇතුල් වෙන්න නම් දෙවිව විශ්වාස කරන, ඔහුට කීකරු වෙන ඔහුගේ මිතුරෙක් වෙන්න ඕනේ. මිතුරෙක්ගෙන් දෙවි බලාපොරොත්තු වෙන දේවල් ගීතාවලිය 15 විස්තර කරනවා.

ඇතුල් වෙන කෙනෙක් . . .

  • නිර්දෝෂ ජීවිතයක් ගත කරන්න ඕනේ

  • සිතින් පවා සත්‍යය කතා කරන්න ඕනේ

  • යෙහෝවා දෙවිගේ සේවකයන්ට ගරු කරන්න ඕනේ

  • පාඩුවක් සිද්ධ වුණත් දුන්න පොරොන්දු ඉටු කරන්න ඕනේ

  • කිසි දෙයක් බලාපොරොත්තු නොවී අවශ්‍යතා ඇති අයට උදව් කරන්න ඕනේ

ඇතුල් වෙන කෙනෙක් නොකරන දේවල් . . .

  • කටකතා පතුරුවන්නෙවත් කේලම් කියන්නෙවත් නැහැ

  • අසල්වැසියාට කිසි අයහපතක් කරන්නේ නැහැ

  • සහෝදර සහෝදරියන්ගෙන් අයුතු ප්‍රයෝජන ගන්නේ නැහැ

  • යෙහෝවා දෙවිට සේවය නොකරන, කීකරු නොවන අය එක්ක ඇසුරු කරන්නේ නැහැ

  • අල්ලස් ගන්නේ නැහැ