Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

‘ලයිබ්‍රරි’ එක පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම

‘ලයිබ්‍රරි’ එක පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම

අධ්‍යයනයේදී:

  • බයිබලය සහ දිනපදය කියවන්න.

  • ‘වාර්ෂික පොත,’ සඟරා සහ වෙනත් ප්‍රකාශන කියවන්න. බුක්මාක් කියන අංගය පාවිච්චි කරන්න

  • රැස්වීම්වලට සූදානම් වෙන්න, උත්තර ලකුණු කරන්න

  • වීඩියෝ බලන්න

රැස්වීම්වලදී:

  • කථිකයා කියන බයිබල් පද බලන්න. ආපහු බයිබල් පදයක් බලන්න හිස්ට්‍රි (history) කියන අංගය පාවිච්චි කරන්න

  • පොත් පත් ගොඩක් රැස්වීමට අරගෙන එනවා වෙනුවට රැස්වීමේ කොටස් බලන්නත් ගීතිකා ගයන්නත් ඔබේ ෆෝන් එක, ටැබ් එක පාවිච්චි කරන්න. පොතට තවමත් ඇතුළත් කරලා නැති අලුත් ගීතිකා ‘JW ලයිබ්‍රරි’ එකේ තියෙනවා

දේවසේවයේදී:

  • උනන්දුවක් දක්වන කෙනෙක්ට ‘JW ලයිබ්‍රරි’ එකෙන් යමක් පෙන්වලා ඔහුගේ ෆෝන් එකට, ටැබ් එකට ඇප් එක සහ පොත් පත් ඩවුන්ලෝඩ් කරගන්න උදව් කරන්න

  • ඉක්මනින්ම බයිබල් පදයක් හොයාගන්න සොයන්න (search) කියන අංගය පාවිච්චි කරන්න. ඒ පදය හොයාගන්න වචනයක් හරි වචන කීපයක් හරි ටයිප් කරන්න

  • වීඩියෝ එකක් පෙන්වන්න. නිවැසියාට දරුවන් ඉන්නවා නම් ‘යෙහෝවා දෙවිගේ යාළුවෝ’ වීඩියෝ එකක් පෙන්වන්න පුළුවන්. නැත්නම් බයිබලය පාඩම් කරන්න උනන්දුවක් ඇති කරන්න ‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?’ කියන වීඩියෝ එක පෙන්වන්නත් පුළුවන්. වෙනත් භාෂාවක් කතා කරන කෙනෙක්ට ඔහුගේම භාෂාවෙන් වීඩියෝ එක පෙන්වන්න

  • කලින් වෙනත් භාෂාවකින් ඩවුන්ලෝඩ් කරගෙන තියෙන බයිබල් පරිවර්තනයකින් කෙනෙක්ට බයිබල් පදයක් පෙන්වන්න. බයිබල් පදයේ අංකය උඩ ටැප් කරලා ඩවුන්ලෝඩ් කරගත්ත පරිවර්තනයෙන් ඒ පදය පෙන්වන්න