Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | ගීතාවලිය 1-10

යෙහෝවා දෙවි එක්ක සමාදාන වෙන්න නම් යේසුස්ව පිළිගන්න ඕනේ

යෙහෝවා දෙවි එක්ක සමාදාන වෙන්න නම් යේසුස්ව පිළිගන්න ඕනේ

යෙහෝවා දෙවිට සහ යේසුස්ට විරුද්ධත්වයක් එනවා කියලා කලින්ම කියලා තිබුණා

2:1-3

  • ජාතීන් යේසුස්ගේ අධිකාරිය පිළි නොගෙන තමන්ගේ අධිකාරිය පවත්වගන්න උත්සාහ කරයි කියලා අනාවැකියක කියලා තිබුණා

  • ඒ අනාවැකියේ මුල් ඉටු වීම යේසුස් පොළොවේ හිටපු කාලෙදිම සිද්ධ වුණා. ඒකේ මහත් ඉටු වීම සිද්ධ වෙන්නේ මේ කාලෙදියි

  • ජාතීන් පලක් නැති දේවල් යෝජනා කරනවා කියලා ගීතිකාකරු කියනවා. ඒකෙන් අදහස් කරන්නේ ඔවුන්ගේ අරමුණු අසාර්ථක ඒවා වෙනවා කියලයි

යෙහෝවා දෙවිගේ අභිෂේක ලත් රජුව පිළිගන්න අයට විතරයි ජීවනය ලැබෙන්නේ

2:8-12

  • දේවරාජ්‍යයේ රජුට විරුද්ධ වෙන හැමෝටම අත් වෙන්නේ මරණයයි

  • යේසුස්ව පිළිගන්න අයට සාමයෙන්, සුරක්ෂිතව ඉන්න අවස්ථාව ලැබෙනවා