Skip to content

පටුනට යන්න

අත්හදා බලන්න යෝජනා

අත්හදා බලන්න යෝජනා

‘මුරටැඹ’

ප්‍රශ්නය: අපි හැමෝටම සහනයක් ඕනේ. ඒත් ඒක ලැබෙන්නේ කොහෙන්ද?

බයිබල් පදය: 2කොරි 1:3, 4

ඉදිරිපත් කිරීම: දෙවිගෙන් අපිට සහනයක් ලැබෙන්නේ කොහොමද කියලා මේ ‘මුරටැඹ’ සඟරාවේ පෙන්නනවා.

‘මුරටැඹ’ (අන්තිම පිටුව)

ප්‍රශ්නය: සමහරු හිතනවා දේවරාජ්‍යය කියන්නේ කෙනෙක්ගේ හිතේ තියෙන දෙයක් කියලා. තවත් අය හිතනවා දේවරාජ්‍යය කියන්නේ ලෝකයට සාමය ගේන්න මිනිසුන් එකතු වෙලා හදාගන්න ඕනෙ දෙයක් කියලා. ඔයා හිතන්නේ මොකක්ද?

බයිබල් පදය: දානි 2:44

ඉදිරිපත් කිරීම: බයිබලයේ කියන විදිහට දේවරාජ්‍යය කියන්නේ සැබෑ ආණ්ඩුවක්. දේවරාජ්‍යය ගැන බයිබලයේ තියෙන තවත් තොරතුරු මේ ලිපියේ කතා කරනවා.

බයිබලයෙන් උගන්වන්න

ප්‍රශ්නය: දෙවියන් අපි ගැන සැලකිලිමත් කියලා අපි දන්නේ කොහොමද?

බයිබල් පදය: 1පේතෘ 5:7

බයිබලයේ කියන්නේ: දෙවියන් ඔහුට යාච්ඤා කරන්න කියලා අපිට කියන්නේ ඔහු අපි ගැන සැලකිලිමත් නිසයි.

ඔයාගේ යෝජනාව ලියන්න

ඔයාගේ යෝජනා හදාගන්න ඉහළ තියෙන යෝජනා උදව්වට ගන්න.