Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | ගීතාවලිය 135-141

අපිව හදලා තියෙන්නේ පුදුමාකාර විදිහට

අපිව හදලා තියෙන්නේ පුදුමාකාර විදිහට

දාවිත්, දෙවිගේ නිර්මාණ දිහා බලලා ඒවාවලින් දෙවිගේ ගතිලක්ෂණ පැහැදිලි වෙන්නේ කොහොමද කියලා කල්පනා කළා. දාවිත් භය නැතුව යෙහෝවා දෙවිට සේවය කළා.

යෙහෝවා දෙවිගේ නිර්මාණ ගැන ගැඹුරින් හිතද්දී දෙවිට ප්‍රශංසා කරන්න දාවිත් පෙලඹුණා:

139:14

  • “ඔබ මාව කොතරම් පුදුමාකාර ලෙස සාදා ඇද්ද! එබැවින් ඔබ කෙරෙහි මහත් ගරුබියක් මා තුළ ඇති වන්නේය. මම ඔබට ප්‍රශංසා කරමි”

139:15

  • “කිසිවෙකුට නොපෙනෙන සේ රහසින් මා වැඩුණත් ඔබට මාව පෙනුණේය. මව්කුස තුළ මා ටිකෙන් ටික වැඩෙන විට මාගේ ඇටකටු පවා ඔබෙන් සැඟවී නොතිබුණේය”

139:16

  • ‘මා කලලයක්ව සිටියදී ඔබට මාව පෙනුණේය. ඒ සියල්ල ගැන තොරතුරු ඔබේ ලියවිල්ලෙහි සටහන් කර තිබිණ’