Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

බයිබල් පාඩමක් සාර්ථකව කරන්න නම්

බයිබල් පාඩමක් සාර්ථකව කරන්න නම්

වැඩිපුර කතා කරන්න එපා: හැම දේම ඔයා විස්තර කරලා දෙන්න ඕනෙ නැහැ. මිනිසුන්ව හිතන්න පොලඹවන්නත් හරි දේ තේරුම්ගන්න උදව් කරන්නත් යේසුස් ප්‍රශ්න ඇහුවා. (මතෙ 17:24-27) ප්‍රශ්න අහද්දී පාඩම කම්මැළි එකක් වෙන්නේ නැහැ. ශිෂ්‍යයා තේරුම්ගත්තේ මොනවද කියලත් එයා විශ්වාස කරන්නේ මොනවද කියලත් දැනගන්න ඒවා ඔයාට උදව් වෙයි. (be 253 3-4¶) උත්තරේ දෙන කල් ඉවසන්න. වැරදි උත්තරයක් දුන්නොත් ඔයා හරි උත්තරේ කියන්නේ නැතුව තවත් ප්‍රශ්න අහලා එයාටම උත්තරේ තේරුම්ගන්න උදව් කරන්න. (be 238 1-2¶) ශිෂ්‍යයාට අලුත් තොරතුරු තේරුම්ගන්න පුළුවන් වෙන විදිහට කතා කරන්න.—be 230 4¶.

සංකීර්ණ කරගන්න එපා: සාකච්ඡා කරන විෂය ගැන ඔයා දන්න හැම තොරතුරක්ම එයාට කියන්න එපා. (යොහ 16:12) ඡේදයේ ප්‍රධාන කරුණුවලට විතරක් අවධානය දෙන්න. (be 226-227 4-5¶) කොච්චර ලස්සන වුණත් අමතර තොරතුරු වැඩි වුණොත් ප්‍රධාන කරුණු තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. (be 235 3¶) ශිෂ්‍යයා ප්‍රධාන කරුණ තේරුම්ගත්තාට පස්සේ ඊළඟ ඡේදෙට යන්න.

තොරතුරු නිකම්ම ආවරණය කරන්න එපා: අපිට ඕනෙ ශිෂ්‍යයාගේ හදවතට කතා කරන්න මිසක් තොරතුරු ආවරණය කරන්න නෙවෙයි. (ලූක් 24:32) ශිෂ්‍යයාගේ හදවතට කතා කරන්න ඒ බයිබල් පදවලට ඉඩ දෙන්න. (2කොරි 10:4; හෙබ්‍රෙ 4:12 ; be 144 1-3¶) සරල උදාහරණ පාවිච්චි කරන්න. (be 245 2-4¶) ශිෂ්‍යයා මුහුණ දෙන අභියෝගවලට, එයාගේ විශ්වාසයන්වලට ගැළපෙන විදිහට තොරතුරු සාකච්ඡා කරන්න. මේ වගේ ප්‍රශ්න අහන්න. “ඉගෙනගන්න දේවල් ගැන ඔයාට කොහොමද හැඟෙන්නේ?” “මේ තොරතුරුවලින් යෙහෝවා දෙවි ගැන ඉගෙනගන්න පුළුවන් මොනවද?” “මේ උපදෙස අදාළ කරගද්දී මොන වගේ ප්‍රයෝජන ලැබෙයිද?”—be 238 3-5¶; 259 1¶.