Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

සේවයේ දක්ෂ වීමට - උනන්දුවක් පෙන්වන අයට රැස්වීමට ආරාධනා කරන්න

සේවයේ දක්ෂ වීමට - උනන්දුවක් පෙන්වන අයට රැස්වීමට ආරාධනා කරන්න

ඒක වැදගත් ඇයි? ‘යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න ඔහුට ගී ගයන්න’ රැස්වීම්වලදී අපිට අවස්ථාව ලැබෙනවා. (ගීතා 149:1) දෙවිගේ කැමැත්ත කරන්නත් උගන්වනවා. (ගීතා 143:10) රැස්වීමට ආපුවම උනන්දුව පෙන්වන අයත් බයිබල් ශිෂ්‍යයනුත් තව වැඩියෙන් දෙවි ගැන ඉගෙනගන්න පෙලඹෙනවා.

ඒක කරන්නේ කොහොමද?

  • ඉක්මනින්ම ආරාධනා පත්‍රිකාව දෙන්න. බයිබල් පාඩමක් පටන්ගන්න කල් ඉන්න ඕනෙ නැහැ.—එළි 22:17

  • රැස්වීමෙදී වෙන්නේ මොනවද, ඒකෙදී සාකච්ඡා කරන්නේ මොනවද කියලා උනන්දුව දක්වන කෙනාට කියන්න. ඒකට රැස්වීමේ ආරාධනා පත්‍රිකාව, ‘අපේ රැස්වීම්වලදී සිදු වෙන්නේ මොනවාද?’ කියන වීඩියෝ එක සහ ‘දේවකැමැත්ත’ සඟරාවේ 5වෙනි සහ 7වෙනි පාඩම් ඔයාට උදව් වෙයි

  • උදව් කරන්න. උනන්දුව පෙන්වන කෙනාට ගමන් පහසුකම් ඕනෙ නම්, සුදුසු ඇඳුමක් තෝරගන්න ඕනෙ නම් ඒකට උදව් කරන්න. රැස්වීම්වලදී එයා ළඟම වාඩි වෙලා ඔයාගේ පොත් පත්වලින් එයාට පෙන්වන්න. අනිත් අයට හඳුන්වලා දෙන්න