Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

කතා කරන්න එන්නේ දරුවෙක් නම්

කතා කරන්න එන්නේ දරුවෙක් නම්

දේශනා සේවයේ යද්දී ගෙදරකට ගියාම අපි එක්ක කතා කරන්න එන්නේ දරුවෙක් නම් දෙමාපියන් ඉන්නවද කියලා අහන්න ඕනේ. ඒකෙන් අපි පෙන්වන්නේ පවුලේ මූලිකත්වයට ගරු කරනවා කියලයි. (හිතෝ 6:20) ගේ ඇතුළට එන්න කියලා දරුවා කිව්වත් අපි යන්න හොඳ නැහැ. දෙමාපියන් හිටියේ නැත්නම් වෙන දවසක ඒ ගෙදරට යන්න ඕනේ.

දරුවා යෞවනයෙක් වුණත් දෙමාපියන් ගෙදර ඉන්නවද කියලා අහන එක හොඳයි. දෙමාපියන් ගෙදර නැත්නම් කියවන පොත් පත් තෝරගන්න නිදහස දෙමාපියන් එයාට දීලා තියෙනවද කියලා අහන්න පුළුවන්. එහෙම ඉඩ දීලා තියෙනවා නම් එයාට ප්‍රකාශනයක් දෙන්න හරි අපේ වෙබ් අඩවිය ගැන කියන්න හරි අපිට පුළුවන්.

උනන්දුවක් පෙන්වන යෞවනයෙක්ව නැවත බලන්න යනවා නම් දෙමාපියන්ව මුණගැහෙන්න පුළුවන්ද කියලා එයාගෙන් අහන්න. ඒකෙන් අපිට පුළුවන් වෙනවා නැවත බැලීමේ අරමුණ ගැන ඒගොල්ලන්ට පැහැදිලි කරන්න. ඒ වගේම පවුලේ හැමෝටම බයිබලයේ දීලා තියෙන වටිනා මඟ පෙන්වීම් ගැන කියලා දෙන්නත් පුළුවන් වෙනවා. (ගීතා 119:86, 138) අපි දෙමාපියන් ගැන හිතලා ඒ අයට ගෞරවය පෙන්වද්දී ඒක ලොකු සාක්ෂියක්. ඒ වගේම පවුලේ හැමෝම එක්ක ශුභාරංචිය බෙදාගන්නත් පුළුවන් වෙනවා.—1පේතෘ 2:12.