Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | ගීතාවලිය 119

‘යෙහෝවා දෙවිගේ නීතිය පිළිපදින්න’

‘යෙහෝවා දෙවිගේ නීතිය පිළිපදින්න’

යෙහෝවා දෙවිගේ නීතිය පිළිපදින්න නම් අපි කැමැත්තෙන්ම දෙවිගේ මඟ පෙන්වීම්වලට කීකරු වෙන්න ඕනේ. දාවිත් යෙහෝවා දෙවිගේ නීතිය පිළිපදිමින් දෙවි මත රඳා හිටියා. ඒ වගේ කටයුතු කරපු තවත් හුඟදෙනෙක් ගැන බයිබලයේ තියෙනවා.

සැබෑ සතුට රඳා පවතින්නේ දෙවිගේ නීතිය පිළිපැදීම මතයි

119:1-8

යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම්වලට කීකරු වෙන්න යොෂුවා පොඩ්ඩක්වත් භය වුණේ නැහැ. මොකද සැබෑ සතුටත් සාර්ථකත්වයත් ලැබෙන්නේ මුළු හදවතින්ම යෙහෝවා දෙවිව විශ්වාස කරන අයට කියලා එයා දැනගෙන හිටියා

ජීවිතයේ මුහුණ දෙන පීඩා පරීක්ෂා දරාගන්න අවශ්‍ය ධෛර්යය දේවවචනයෙන් ලැබෙනවා

119:33-40

දුෂ්කර තත්වයන් යටතේදීත් යෙරෙමියා නිර්භීතව කටයුතු කරමින් යෙහෝවා දෙවි මත රඳා හිටියා. සරල ජීවිතයක් ගත කරමින් දිගටම තමන්ගේ පැවරුම ඉටු කළා

දේවවචනය ගැන නිවැරදි දැනුමක් තියෙනවා නම් භය නැතුව දේශනා කරන්න පුළුවන්

119:41-48

ඕනම කෙනෙක්ට ශුභාරංචිය ගැන කියන්න පාවුල් භය වුණේ නැහැ. ආණ්ඩුකාර ෆීලික්ස්ට ශුභාරංචිය ගැන කියපු වෙලේ යෙහෝවා දෙවි තමන්ට උදව් කරයි කියලා එයා දැනගෙන හිටියා

භය නැතුව සාක්ෂි දරන්න මට පුළුවන් වෙන්නේ මොන වගේ අවස්ථාවලදීද?

  • ඉස්කෝලේ අයට

  • වැඩපොළේ අයට

  • පවුලේ අයට

  • අනිත් අයට