යහපත් ක්‍රිස්තියානීන් වෙමු
උදාර උපදේශකයාණන්ගෙන් දිගටම ඉගෙනගන්න
ඒක වැදගත් ඇයි? වෙන කිසිම තැනකින් ලබාගන්න බැරි වටිනා උපදෙස්, මඟ පෙන්වීම් අපේ උදාර උපදේශකයාණන් වන යෙහෝවා දෙවියන් අපිට ලබා දෙනවා. සතුටින් ජීවත් වෙන්නත් පාරාදීසයේ ආශීර්වාද අත් කරගන්නත් අපි කරන්න ඕනෙ මොනවාද කියලා ඔහු අපිට කියලා දෙනවා. ඒ හැම දෙයක්ම ඔහු අපිට ලබා දෙන්නේ නොමිලේ. (යෙසා 11:6-9; 30:20, 21; එළි 22:17) ජීවිත ගලවන පණිවිඩයක් මිනිසුන් එක්ක බෙදාගන්නේ කොහොමද කියලත් දෙවියන් අපිට කියලා දෙනවා.—2කොරි 3:5.
ඒක කරන්නේ කොහොමද?
-
නිහතමානී කෙනෙක් වෙන්න වෑයම් කරන්න.—ගීතා 25:8, 9
-
දෙවියන් දැන් ලබා දෙන පුහුණුවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. උදාහරණෙකට සති මැද රැස්වීමේදී ඔයාට ශිෂ්‍ය පැවරුමක් ලැබුණාම ඒක උනන්දුවෙන් කරන්න
-
වැඩිපුර සේවයක් කරන්න ඉලක්ක තියාගන්න.—ෆිලි 3:13
-
තවත් විදිවලින් පුහුණුව ලබාගන්න අවශ්‍ය කැප කිරීම් කරන්න.—ෆිලි 3:8
‘ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැල යෙහෝවා දෙවිගෙන් ලැබෙන වටිනා ආශීර්වාදයක්’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
-
ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැලට යන්න කලින් සමහර ප්‍රචාරකයන් මුහුණ දුන්න අභියෝග මොනවාද?
-
ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැලෙන් ලබා දෙන්නේ මොන වගේ පුහුණුවක්ද?
-
අලුතින් පැවරුම් ලබපු අයට සභාවේ අය උදව් කළේ කොහොමද?
-
ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැලට සහභාගි වෙන්න කැමති නම් කෙනෙක්ට තියෙන්න ඕන සුදුසුකම් මොනවාද? (kr 189)
-
දෙවියන්ගේ සංවිධානයෙන් ඔයාට තවත් පුහුණුව ලබාගන්න පුළුවන් විදි මොනවාද?