Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

විනෝදයට දෙයක් තෝරාගද්දී පරෙස්සම් වෙන්න

විනෝදයට දෙයක් තෝරාගද්දී පරෙස්සම් වෙන්න

විනෝද වෙන්න දෙයක් තෝරාගද්දී අපි පරෙස්සම් වෙන්න ඕනෙ ඇයි? විනෝද වෙන්න චිත්‍රපටියක්, සිංදුවක්, වෙබ් අඩවියක්, පොතක්, වීඩියෝ ක්‍රීඩාවක් වගේ දෙයක් අපි තෝරාගද්දී අපි කරන්නේ අපේ මනස පුරවගන්නේ මොන දේවලින්ද කියලා තේරීමක් කරන එකයි. අපේ තේරීම් අපේ හැසිරීමට බලපානවා. අද විනෝදයට තෝරාගන්න තියෙන හුඟක් දේවල් යෙහෝවා දෙවියන් පිළිකුල් කරන දේවලින් පිරිලයි තියෙන්නේ. (ගීතා 11:5; ගලා 5:19-21) ඒ නිසයි බයිබලයේ අපිව දිරිගන්වන්නේ දිගටම යෙහෝවා දෙවියන්ව ගෞරවයට පත් වෙන දේවලට මනස යොමු කරන්න කියලා.—ෆිලි 4:8.

‘මං තෝරාගන්නේ මොන වගේ විනෝදාංශද?’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • සමහර විනෝදාංශ රෝමයේ සටන්කරුවන් කළ සටන්වලට සමාන වෙන්නේ කොහොමද?

  • විනෝද වෙන්න දෙයක් තෝරාගද්දී බුද්ධිමත් තීරණ ගන්න යෞවනයන්ට උදව් කරන්න සභාවේ අයට පුළුවන් කොහොමද?

  • විනෝද වෙන්න දෙයක් තෝරාගද්දී රෝම 12:9 අදාළ කරගන්න ඕනෙ ඇයි?

  • ඔයා ජීවත් වෙන ප්‍රදේශයේ විනෝද වෙන්න තෝරාගන්න තියෙන හානිකර නොවන දේවල් මොනවාද?