Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | ගලාති 4-6

“සංකේතවත් අර්ථයක්” තියෙන සිද්ධියක් තේරුම්ගමු

“සංකේතවත් අර්ථයක්” තියෙන සිද්ධියක් තේරුම්ගමු

4:24-31

“සංකේතවත් අර්ථයක්” තියෙන ඒ සිද්ධිය ගැන පාවුල් කිව්වේ මෝසෙස්ගේ නීතික ගිවිසුමට වඩා අලුත් ගිවිසුම කොයි තරම් ශ්‍රේෂ්ඨද කියලා පෙන්වන්නයි. ක්‍රිස්තුස් සහ අභිෂේක ලත් 1,44,000දෙනාගේ ප්‍රේමණීය පාලනය යටතේ සියලුම මිනිසුන්ට පාපයෙන් නිදහස් වෙලා දුක, වේදනාව සහ මරණය පවා නැති කාලයක ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා.—යෙසා 25:8, 9.

 

දාසිය වුණු හාගර්

අගනුවර වන යෙරුසලමෙන් නියෝජනය වුණු, මෝසෙස්ගේ නීතික ගිවිසුම යටතේ හිටිය ඊශ්‍රායෙල් ජාතිය

නිදහස් ස්ත්‍රිය වුණු සාරා

ඉහළ තියෙන යෙරුසලම ඒ කියන්නේ දෙවියන්ගේ සංවිධානයේ ස්වර්ගයේ තියෙන කොටස

හාගර්ගේ “දරුවන්”

යේසුස්ට පීඩා කරපු, ඔහුව ප්‍රතික්ෂේප කරපු නීතික ගිවිසුම යටතේ හිටිය යුදෙව්වන්

සාරාගේ “දරුවන්”

ක්‍රිස්තුස් සහ අභිෂේක ලත් 1,44,000දෙනා

නීතිය යටතේ දාසයන් වුණා

නීතිය ඊශ්‍රායෙල්වරුන්ට මතක් කරලා දුන්නා එයාලා පාපයට දාසයන් කියලා

අලුත් ගිවිසුම මාර්ගයෙන් නිදහස ලැබුණා

නීතිය යටතේ දාසයන් වෙලා හිටිය අයට යේසුස්ගේ ජීවිත පූජාව ගැන විශ්වාසය තියලා නිදහස ලබාගන්න පුළුවන් වුණා