මලාවිවල සමුළුවකට සහභාගි වුණු අය JW බ්‍රෝඩ්කාස්ටිං එකේ වැඩසටහනක් බලමින්

ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත 2019 නොවැම්බර් 

සාකච්ඡාවකට යෝජනා

ජීවිතයේ අරමුණ සහ අනාගතයේදී දෙවියන් කරන්න පොරොන්දු වෙලා තියෙන දේවල් ගැන දැනගන්න උදව් වෙන සාකච්ඡාවකට යෝජනා.

දේවවචනය නිධානයක්

මේ ලෝකයටවත් ලෝකේ තියෙන දේවලටවත් ඇලුම් කරන්න එපා

යෙහෝවා දෙවියන්ගෙන් අපිව ඈත් කරන්න බලපාන්න පුළුවන් මේ ලෝකේ තියෙන දේවල් ප්‍රතික්ෂේප කරන්න අපිට උදව් වෙන්නේ මොනවාද?

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ඔයාගේ විවාහ උත්සවය සැලසුම් කරද්දී ලෝකයේ බලපෑමට අහු වෙන්න එපා

නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව ඉන්නත් පස්සේ කාලෙක පසුතැවෙන්නේ නැතුව ඉන්නත් පුළුවන් විදිහට විවාහ උත්සවය සැලසුම් කරන්න යුවළකට උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති මොනවාද?

දේවවචනය නිධානයක්

දිගටම සත්‍යයේ ඉන්න නම් අපිට ලොකු සටනක් කරන්න වෙනවා

අපි ‘විශ්වාස කරන සියල්ලට ඇලී සිටීම සඳහා මහත් සටනක නිරත’ වෙන්න අපිට පුළුවන් කොහොමද?

දේවවචනය නිධානයක්

‘ඔබ කරන ක්‍රියාවන් දනිමි’

සභාවල වෙන හැම දෙයක්ම යේසුස් අධීක්ෂණය කරනවා. වැඩිමහල්ලන් ඉන්නේ ඔහුගේ පාලනය යටතේ.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

අපිට අවශ්‍ය දේ යෙහෝවා දෙවියන් දන්නවා

මේ සමුළුවෙන් ලැබුණේ අපිට ඕනම කරන තොරතුරු කියලා හැම සමුළුවකදීම අපිට හිතෙන්නේ ඇයි? සති මැද රැස්වීමෙන් අපිට ඕන කරන දිරිගැන්වීම්, මඟ පෙන්වීම් ලැබෙනවා කියන්නේ ඇයි?

දේවවචනය නිධානයක්

අසරුවන් හතරදෙනාගේ ගමන

එළිදරව් පොතේ සංකේතාත්මකව විස්තර කරලා තියෙන අසරුවන් හතරදෙනාගේ ගමන අද අපි අද්දකිනවා. ඒ එක් එක් අසරුවාගෙන් නියෝජනය වෙන්නේ මොනවාද?

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

දෙවියන් ආදරේ කරන්නේ සතුටු සිතින් දෙන අයටයි

ලෝකේ පුරාත් අපි ජීවත් වෙන රටෙත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු වෙනුවෙන් සම්මාදම් කරන්න අපිට පුළුවන් කොහොමද?