Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | 2 යොහන් 1-13; 3 යොහන් 1-14යූද් 1-25

දිගටම සත්‍යයේ ඉන්න නම් අපිට ලොකු සටනක් කරන්න වෙනවා

දිගටම සත්‍යයේ ඉන්න නම් අපිට ලොකු සටනක් කරන්න වෙනවා

යූද් 3

යේසුස් කිව්වා “පටු දොරටුවෙන් ඇතුල් වීමට දැඩි උත්සාහයක් දරන්න” කියලා. (ලූක් 13:24) දෙවියන්ගේ අනුමැතිය ලබාගන්න නම් අපි ලොකු වෙහෙසක් දරන්න ඕනෙ කියලා ඒකෙන් පැහැදිලි වෙනවා. යේසුස්ගේ සහෝදරයෙක් වුණු යූද් පවා මෙහෙම කියලා තියෙනවා. “ඔබ විශ්වාස කරන සියල්ලට ඇලී සිටීම සඳහා මහත් සටනක නිරත විය යුතුයි.” අපි ලොකු සටනක නිරත වෙන්න ඕන දේවල් කීපයක් පහත සඳහන් වෙනවා.

  • වේශ්‍යාකමෙන් වළකින්න.—යූද් 6, 7

  • සභාවේ අධිකාරියක් තියෙන අයට නිසි ගෞරවය දෙන්න.—යූද් 8, 9

  • “ශුද්ධ වූ සත්‍ය ඉගැන්වීම්” ගැන තියෙන විශ්වාසය දිගටම ශක්තිමත් කරගන්න.—යූද් 20, 21