Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

අපිට අවශ්‍ය දේ යෙහෝවා දෙවියන් දන්නවා

අපිට අවශ්‍ය දේ යෙහෝවා දෙවියන් දන්නවා

විශ්වාසවන්ත නුවණ ඇති දාසයා “නියම වේලාවට” අපිට ඕන කරන පෝෂණය ලබා දෙනවා. දාසයාට මඟ පෙන්වන යෙහෝවා දෙවියන්, ඔහුත් එක්ක අපිට තියෙන බැඳීම ශක්තිමත් කරගන්න අපිට ඕන දේවල් ගැන හොඳින්ම දන්නවා කියලා ඒකෙන් පැහැදිලියි. (මතෙ 24:45) තුන්දින සමුළු, සති මැද රැස්වීම්වලින් අපිට ලැබෙන පෝෂණය ඒකට හොඳ උදාහරණයක්.

‘2017 ඉගැන්වීම් කමිටු වාර්තාව’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • නියම වෙලාවට අපිට ලැබෙන තුන්දින සමුළු වෙනුවෙන් ප්‍රශංසාව ලැබෙන්න ඕනෙ කාටද? ඒ ඇයි?

  • සමුළුවක් සැලසුම් කරන වැඩ පටන්ගන්නේ කොයි තරම් කාලයකට කලින්ද?

  • සමුළුවකට ගැළපෙන තේමාවක් තෝරගන්නේ කොහොමද?

  • සමුළුවක් සැලසුම් කරන වැඩවලට අයිති වෙන්නේ මොනවාද?

  • සති මැද රැස්වීමේදී අපිට අධ්‍යයනය කරන්න පුරුදු කරන විදිහ ගිලියද් ශිෂ්‍යයන්ව අධ්‍යයනය කරන්න පුරුදු කරන විදිහට සමාන වෙන්නේ කොහොමද?

  • වැඩපොත සකස් කරන්න විවිධ අංශයන් එකතු වෙලා වැඩ කරන්නේ කොහොමද?

යෙහෝවා දෙවියන්ගෙන් ලැබෙන පෝෂණය ගැන ඔයාට හැඟෙන්නේ කොහොමද?