Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

දෙවියන් ආදරේ කරන්නේ සතුටු සිතින් දෙන අයටයි

දෙවියන් ආදරේ කරන්නේ සතුටු සිතින් දෙන අයටයි

2 කොරින්ති 9:7 මෙහෙම කියනවා. “එකිනෙකා තම තමාගේ සිතින් තීරණය කර ඒ අනුව දීම සුදුසුය. අකමැත්තෙන් හෝ වෙනත් කෙනෙකුගේ බල කිරීම නිසා හෝ දීමෙන් ප්‍රයෝජනයක් නැත. මන්ද දෙවි ප්‍රේම කරන්නේ සතුටු සිතින් දෙන තැනැත්තාටය.” ලෝකේ පුරාත් අපි ජීවත් වෙන රටෙත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු වෙනුවෙන් ඔන්ලයින් හරහා සම්මාදම් කරන්න පහසු ක්‍රම කීපයක්ම දැන් තියෙනවා.

‘ඉලෙක්ට්‍රෝනිකව සම්මාදම් කරන විදි ගැන දැනුවත් වෙමු’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • අපි ජීවත් වෙන රටේ, සම්මාදම් කරන්න පුළුවන් ක්‍රම ගැන තොරතුරු තියෙන වෙබ් පිටුව වෙත පිවිසෙන්න පුළුවන් කොහොමද?

  • ඉලෙක්ට්‍රෝනිකව සම්මාදම් කරන්න දැන් අවස්ථාව තියෙන නිසා සමහර අයට ලැබිලා තියෙන ප්‍රයෝජන මොනවාද?

  • සම්මාදම් කරන්න පුළුවන් විදි මොනවාද?

  • ඉලෙක්ට්‍රෝනිකව සම්මාදම් කරන විදිහ දන්නේ නැත්නම් කරන්න පුළුවන් මොනවාද?