“දෙවි අප කෙරෙහි ඇති තම ප්‍රේමය පෙන්නුම් කළේ එලෙසය”
යේසුස්ගේ ජීවිත පූජාව දෙවියන්ගෙන් ලැබුණු මිල කරන්න බැරි තරම් වටිනා තෑග්ගක්. දෙවියන්ගේ නමට ඇති වුණු කැළැල නැති කරන්නත් පාලනය කරන්න ඔහුට තියෙන අයිතිය තහවුරු කරන්නත් ඒක දායක වෙනවා. දෙවියන් ඉදිරියේ ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන්නත් හැමදාටම ජීවත් වෙන්නත් ඔහුට කීකරු වෙන මිනිසුන්ට අවස්ථාව ලැබෙනවා.
යේසුස්ගේ ජීවිත පූජාව අගය කරනවා කියලා පෙන්වන්න පුළුවන් කොහොමද?
-
අපේ ජීවිතය දෙවියන්ට කැප කරලා බව්තීස්ම වෙද්දී අපි පෙන්වන්නේ යේසුස්ගේ ජීවිත පූජාව මත විශ්වාසය තියනවා වගේම අපේ ජීවිතය අයිති දෙවියන්ට කියලා අපි විශ්වාස කරනවා කියලයි
-
ශුභාරංචිය දේශනා කරද්දී අපිත් යෙහෝවා දෙවියන් වගේ හැම කෙනෙක්ටම ආදරය කරනවා කියලා පෙන්වන්න පුළුවන්.—මතෙ 22:39; යොහ 3:16
යේසුස්ගේ ජීවිත පූජාව අගය කරනවා කියලා මට පෙන්වන්න පුළුවන් තවත් විදි මොනවාද?