Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

දිගටම විඳදරාගනිමින් මහත් ආශාවකින් බලා සිටින්න

දිගටම විඳදරාගනිමින් මහත් ආශාවකින් බලා සිටින්න

දේවරාජ්‍යය එන කල් ඔයා කොයි තරම් කාලයක් බලන් ඉඳලා තියෙනවාද? පීඩා දුෂ්කරතා මැද වුණත් දිගටම විඳදරාගනිමින් ඉන්නවාද? (රෝම 8:25) සමහර සහෝදරයන් විරුද්ධවාදිකම්, හිංසා පීඩා, සිරදඬුවම්, මරණ තර්ජනවලට පවා මුහුණ දෙනවා. තවත් අය බරපතළ අසනීප, මහලු විය නිසා දුක් විඳිනවා.

ඕනෑම පීඩාවක් මැද වුණත් දෙවියන් දීලා තියෙන පොරොන්දුව ගැන බලාපොරොත්තුවෙන් ඉන්න පුළුවන් කොහොමද? හැම දවසකම බයිබලය කියවලා ඒ තොරතුරු ගැන හොඳට හිතන්න. බලාපොරොත්තුව නිතරම මනසේ තියාගන්න. (2කොරි 4:16-18; හෙබ්‍රෙ 12:2) දෙවියන්ගේ බලය ඉල්ලලා දිගටම කන්නලව් කරන්න. (ලූක් 11:10, 13; හෙබ්‍රෙ 5:7) එතකොට ‘ඕනෑම දෙයක් සාර්ථකව විඳදරාගන්නත් ප්‍රීතිය රැකගෙන ඉවසිලිවන්තව කටයුතු කරන්නත්’ අපේ ආදරණීය පියාණන් අපිට උදව් කරයි.—කොලො 1:11.

‘අපි විඳදරාගනිමින් දුවන්න ඕනේ - තෑග්ග ලබාගන්නවාමයි කියන විශ්වාසයෙන් ඉන්න’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • ‘බලාපොරොත්තු නොවෙන’ විදිහට අපිට මුහුණ දෙන්න වෙන සමහර දේවල් මොනවාද? (දේශ 9:11)

  • දුක් පීඩාවලට මුහුණ දෙන්න යාච්ඤාව උදව් වෙන්නේ කොහොමද?

  • කලින් කරපු තරම් සේවයක් කරන්න බැරි නම් දැන් ඔයාට කරන්න පුළුවන් දේවලට අවධානය දෙන එක වැදගත් වෙන්නේ ඇයි?

  • තෑග්ග දිහාම බලාගෙන ඉන්න

    තෑග්ග ලබාගන්නවාමයි කියන නිසැකකම ඇතුව ඉන්න ඔයාට උදව් වෙන්නේ මොනවාද?