Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | රෝම 9-11

ඔලීව ගහේ නිදර්ශනය

ඔලීව ගහේ නිදර්ශනය

11:16-26

ඔලීව ගහේ විවිධ කොටස්වලින් නියෝජනය වෙන්නේ මොනවාද?

  • ගස: දෙවියන් ආබ්‍රහම් එක්ක ඇති කරගත්ත ගිවිසුමේ අරමුණ ඉටු වෙන එක

  • කඳ: ආබ්‍රහම්ගෙන් පැවතෙන ප්‍රධාන තැනැත්තා වන යේසුස්

  • අතු: ආබ්‍රහම්ගෙන් පැවතෙන අය විදිහට සැලකෙන අභිෂේක ලත් අයගේ මුළු සංඛ්‍යාව

  • ‘කපා ඉවත් කළ’ අතු: යේසුස්ව ප්‍රතික්ෂේප කරපු යුදෙව්වන්

  • ‘බද්ධ කළ’ අතු: විවිධ ජාතීන්ට අයත් අභිෂේක ලත් අය

කලින් කියලා තිබුණු විදිහටම ආබ්‍රහම්ගෙන් පැවතෙන අය වන යේසුස් සහ 1,44,000දෙනා මාර්ගයෙන් ‘සියලු ජාතීන්ට’ ආශීර්වාද ලැබෙනවා.—රෝම 11:12; උත් 22:18

ආබ්‍රහම්ගෙන් පැවතෙන අය සම්බන්ධයෙන් තම අරමුණ ඉටු කරපු විදිහෙන් යෙහෝවා දෙවියන් ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද?