Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

බයිබල් ශිෂ්‍යයන්ට උගන්වද්දී වීඩියෝ පාවිච්චි කරන්න

බයිබල් ශිෂ්‍යයන්ට උගන්වද්දී වීඩියෝ පාවිච්චි කරන්න

උගන්වන දේවල් හොඳින් තේරුම්ගන්නත් ඒවා මතක තියාගන්නත් දෘශ්‍යාධාරක උදව් වෙනවා. අපේ උදාර උපදේශකයාණන් වන යෙහෝවා දෙවියන් වැදගත් පාඩම් උගන්වන්න දෘශ්‍යාධාරක යොදාගෙන තියෙනවා. (උත් 15:5; යෙරෙ 18:1-6) උතුම් ගුරුවරයා වන යේසුත් ඒ දේවල් යොදාගෙන තියෙනවා. (මතෙ 18:2-6; 22:19-21) මෑත කාලවලදී හුඟක්ම සාර්ථක වෙලා තියෙන දෘශ්‍යාධාරකයක් තමයි අපේ වීඩියෝ. ශිෂ්‍යයන්ට උගන්වද්දී ඔයාත් වීඩියෝ පාවිච්චි කරනවාද?

‘සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!’ කියන සඟරාවේ තියෙන පාඩම් උගන්වන්න උදව් වෙන වීඩියෝ දහයක් මේ වෙද්දී සකස් කරලා තියෙනවා. හුඟක් වෙලාවට ඒ වීඩියෝවල මාතෘකා සකස් කරලා තියෙන්නේ සඟරාවේ තද කලු පාටින් සඳහන් කරලා තියෙන ප්‍රශ්න යොදාගෙන. වීඩියෝ එක පෙන්වන්න ඕන තැන මතක් කරලා දෙන්න ඩිජිටල් ප්‍රකාශනයේ අදාළ පාඩම යටතේ වීඩියෝ එකට ලින්ක් එකක් දාලා තියෙනවා. ඉගැන්වීම් කට්ටලයේ ඇති අනිත් ප්‍රකාශනවල තියෙන තොරතුරු හොඳින් තේරුම්ගන්න උදව් වෙන තවත් වීඩියෝ තියෙනවා.

ඔයා උගන්වන විෂයක් බයිබල් ශිෂ්‍යයෙක්ට තේරුම්ගන්න අමාරුයි කියලා හිතිලා තියෙනවාද? නැත්නම් ශිෂ්‍යයා මොකක් හරි පීඩාවකට මුහුණ දෙනවාද? එයාට උදව් වෙන වීඩියෝ එකක් jw.org® වෙබ් අඩවියෙන් හරි JW බ්‍රෝඩ්කාස්ටිං එකෙන් හරි හොයාගන්න. පුළුවන් නම් දෙන්නාම එකතු වෙලා වීඩියෝ එක බලලා ඒ ගැන සාකච්ඡා කරන්න.

හැම මාසෙකම අලුතින් වීඩියෝ නිකුත් වෙනවා. අනිත් අයට උගන්වද්දී ඒවා යොදාගන්න පුළුවන් කොහොමද කියලා ඒවා බලන ගමන් හිතන්න.