Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | රෝම 12-14

ක්‍රිස්තියානීන් විදිහට ආදරේ පෙන්වන එකට ඇතුළත් වෙන්නේ මොකක්ද?

ක්‍රිස්තියානීන් විදිහට ආදරේ පෙන්වන එකට ඇතුළත් වෙන්නේ මොකක්ද?

12:10, 17-21

කෙනෙක් අපේ හිත රිද්දුවාම එකට එක නොකර ඉන්නවාට වඩා වැඩි දෙයක් දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙනවා. බයිබලයේ කියන මේ දෙයින් ඒක පැහැදිලියි. “ඔබේ සතුරා බඩගින්නෙන් සිටී නම් ඔහුට කන්න දෙන්න. ඔහු පිපාසයෙන් සිටිනවා නම් ඔහුට බොන්න යමක් දෙන්න. යකඩ මත ගිනි අඟුරු ගොඩගසනවා හා සමානව ඔහුගේ දැඩි සිත මොළොක් කිරීමට ඔබට හැක.” (රෝම 12:20) අපේ හිත රිද්දපු කෙනාට අපි කාරුණිකව සලකද්දී කරපු දේ ගැන එයා පසුතැවෙන්න ඉඩ තියෙනවා.

ඔයා කියපු කරපු දෙයක් නිසා හිත රිදුණු කෙනෙක් ඔයාට කාරුණිකව සලකපු අවස්ථාවක් මතකද? ඒ ගැන ඔයාට හැඟුණේ කොහොමද?