Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | 1 කොරින්ති 1-3

ඔයා ඔයාගේ ආශාවන්ට යටත් වෙන කෙනෙක්ද නැත්නම් දෙවියන්ගේ මඟ පෙන්වීම්වලට යටත් වෙන කෙනෙක්ද?

ඔයා ඔයාගේ ආශාවන්ට යටත් වෙන කෙනෙක්ද නැත්නම් දෙවියන්ගේ මඟ පෙන්වීම්වලට යටත් වෙන කෙනෙක්ද?

2:14-16

අපි හැමෝම දෙවියන්ගේ මඟ පෙන්වීම්වලට එකඟව වැඩ කරන්නත් ඔහුත් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්නත් දිගටම වෑයම් කරන්න ඕනේ. (එෆී 4:23, 24) එහෙම කරන්න නම් අපි දෙවියන් ලබා දෙන පෝෂණය උරාගන්න ඕනේ. නමස්කාරයට සම්බන්ධ කාරණා සම්බන්ධයෙන් ඉලක්ක තියාගන්නත් ඕනේ. දෙවියන්ගේ බලය ක්‍රියාත්මක වෙද්දී ඇති වෙන ගුණාංග වර්ධනය කරගන්නත් ඕනේ.

මීට අවුරුද්දකට කලින්, අවුරුදු 10කට කලින් නැත්නම් බව්තීස්ම වෙද්දී ඔයාට දෙවියන් එක්ක තිබුණු බැඳීම තවමත් ශක්තිමත්ව තියෙනවාද?