Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | උත්පත්ති 32-33

ආශීර්වාදයක් ලබාගන්න ඔයාත් පොරබදිනවාද?

ආශීර්වාදයක් ලබාගන්න ඔයාත් පොරබදිනවාද?

32:24-28

යෙහෝවා දෙවියන්ගේ ආශීර්වාද ලබාගන්න නම් දිගටම රාජ්‍යයට මුල් තැන දෙන්න අපි ලොකු වෑයමක් දරන්න ඕනේ. (1කොරි 9:26, 27) මහලු වයසේදී දේවදූතයෙක් එක්ක පොරබැද්ද යාකොබ්ට තිබුණු ආකල්පයම තමයි යෙහෝවා දෙවියන්ට සේවය කරද්දී අපිටත් තියෙන්න ඕනේ. යෙහෝවා දෙවියන්ගේ ආශීර්වාද ලබාගන්න අපි ලොකු වෑයමක් දරනවා නම් . . .

  • රැස්වීම්වලට හොඳින් සූදානම් වෙනවා

  • නිතිපතා සේවයේ හවුල් වෙනවා

  • පුළුවන් උපරිමයෙන් සභාවේ අයට උදව් කරනවා

අභියෝගවලට මුහුණ දෙන්න ඔයාට සිද්ධ වුණත් දිගටම යෙහෝවා දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න. උපරිමයෙන් දෙවියන්ට සේවය කරමින් ඔහුගේ ආශීර්වාද ලබාගන්න ලොකු උත්සාහයක් දරන්න.

මේ ගැන හිතන්න. ‘යෙහෝවා දෙවියන්ගේ ආශීර්වාද ලබාගන්න මං තවත් වැඩියෙන් වෑයම් දරන්න ඕනෙ මොන කාරණා සම්බන්ධයෙන්ද?’