Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

මං ජීවිතේ වැදගත්ම දේ විදිහට සලකන්නේ මොකක්ද?

මං ජීවිතේ වැදගත්ම දේ විදිහට සලකන්නේ මොකක්ද?

යෙහෝවා දෙවියන්ගේ ආශීර්වාදය ලබාගන්න එක හුඟක් වැදගත් දෙයක් විදිහටයි යාකොබ් සැලකුවේ. ඒ නිසා එයා ඒක ලබාගන්න දේවදූතයෙක් එක්කත් පොරබැදුවා. (උත් 32:24-31; හොෂෙ 12:3, 4) අපි ගැන කියන්න පුළුවන් මොනවාද? අපිත් යෙහෝවා දෙවියන්ට කීකරු වෙලා ඔහුගේ ආශීර්වාදය ලබාගන්න උපරිම උත්සාහයක් දරනවාද? උදාහරණෙකට රැස්වීම් තියෙන දවසක වැඩිපුර පැය ගාණක් වැඩ කරන්න කියලා වැඩපොළේ ස්වාමියා කිව්වොත් මොකද කරන්නේ? අපි අපේ කාලය, ශක්තිය, අපි සතු දේවල් උපරිමයෙන්ම යෙහෝවා දෙවියන්ට සේවය කරන්න පාවිච්චි කරනවා නම් “ගබඩා පිරී ඉතිරී යන තරමටම” ඔහු අපිට ආශීර්වාද කරයි. (මලා 3:10) ඒ වගේම අපිට අවශ්‍ය මඟ පෙන්වීම් සහ රැකවරණය ඔහු අනිවාර්යයෙන්ම ලබා දෙයි.—මතෙ 6:33; හෙබ්‍රෙ 13:5.

‘දෙවිට සේවය කරන්න තිබ්බ ඉලක්ක බොඳ වෙන්න දෙන්න එපා’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • සහෝදරිය ආසාවෙන් කරපු දෙයක් එයාට උගුලක් වුණේ කොහොමද?

  • අපේ රැකියාව අපිට උගුලක් වෙන්න පුළුවන් කොහොමද?

  • දෙවියන් එක්ක හොඳ බැඳීමක් ඇති කරගෙන තිබුණු තිමෝති පවා අලුත් ඉලක්ක තියාගන්න එක වැදගත් වුණේ ඇයි?—1තිමෝ 4:16

  • ජීවිතේ වැදගත්ම දේ විදිහට ඔයා සලකන්නේ මොකක්ද?

    අපේ “ජීවිතේ අංක එක” මොකක්ද කියලා පැහැදිලි වෙන්නේ මොන දේවලින්ද?