Skip to content

පටුනට යන්න

සාකච්ඡාවකට යෝජනා

සාකච්ඡාවකට යෝජනා

●○○ මුල් හමු වීම

ප්‍රශ්නය: දෙවියන් මිනිසුන්ව නිර්මාණය කළේ ඇයි?

බයිබල් පදය: උත් 1:28

ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: දෙවියන් අරමුණු කරපු දේ ඔහු ඉටු කරනවා කියලා අපි දන්නේ කොහොමද?

○●○ පළවෙනි නැවත බැලීම

ප්‍රශ්නය: දෙවියන් අරමුණු කරපු දේ ඔහු ඉටු කරනවා කියලා අපි දන්නේ කොහොමද?

බයිබල් පදය: යෙසා 55:11

ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: ඒ කාලේදී මේ ලෝකය මොන වගේ තැනක් වෙයිද?

○○● දෙවෙනි නැවත බැලීම

ප්‍රශ්නය: ඒ කාලේදී මේ ලෝකය මොන වගේ තැනක් වෙයිද?

බයිබල් පදය: ගීතා 37:10, 11

ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: දෙවියන්ගේ පොරොන්දු ඉටු වෙන කාලේ ජීවත් වෙන්න නම් අපි මොනවාද කරන්න ඕනේ?

සිහි කිරීමේ ආරාධනා පත්‍රය (මාර්තු 14–අප්‍රියෙල් 7):

“අද අපි ආවේ ලෝකේ පුරාම ඉන්න මිලියන ගාණක් සහභාගි වෙන විශේෂ රැස්වීමකට ඔයාට ආරාධනා කරන්න. ඒක තමයි යේසුස්ගේ මරණය සිහි කිරීම.” ඊටපස්සේ ආරාධනා පත්‍රිකාව දෙන්න. “ඒක පවත්වන තැනයි, වෙලාවයි මේකේ තියෙනවා. ඊට කලින් සතියේ පවත්වන විශේෂ බයිබල් දේශනයකටත් එන්න කියලා ඔයාට ආරාධනා කරන්න කැමතියි.”

උනන්දුවක් දැක්වුවොත් ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: යේසුස් මැරුණේ ඇයි?