Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | නික්මයාම 33-34

යෙහෝවා දෙවියන්ගේ ලස්සන ගුණාංග

යෙහෝවා දෙවියන්ගේ ලස්සන ගුණාංග

34:5-7

මෝසෙස් යෙහෝවා දෙවියන්ගේ ගුණාංග තේරුම්ගත්ත නිසා ඊශ්‍රායෙල්වරුන් එක්ක ඉවසීමෙන් වැඩ කරන්න එයාට පුළුවන් වුණා. ඒ වගේ, යෙහෝවා දෙවියන්ගේ ගුණාංග ගැන තවත් හොඳින් තේරුම්ගන්න තරමට සහෝදර සහෝදරියන් එක්ක කටයුතු කරද්දී දයාව පෙන්වන්න අපිට පුළුවන් වෙනවා.

  • “දයාන්විත, කරුණාවන්ත”: දෙමාපියන් තමන්ගේ දරුවන්ව රැකබලා ගන්නවා වගේ යෙහෝවා දෙවියන් තමන්ට නමස්කාර කරන අය ගැන හුඟක් සැලකිලිමත් වෙලා එයාලව ආදරයෙන් රැකබලා ගන්නවා

  • “කෝප වීමට ඉක්මන් නොවන”: යෙහෝවා දෙවියන් තමන්ගේ සේවකයන් එක්ක ඉවසීමෙන් වැඩ කරනවා. ඒ නිසා එයාලා අතින් වැරදි අඩුපාඩු වුණාම ඒ ගැන ඉවසනවා. ඒවා හදාගන්න එයාලට කාලය දෙනවා

  • “ළැදි ප්‍රේමයක් පෙන්වන”: යෙහෝවා දෙවියන් ඔහුගේ සේවකයන්ට ළැදි ප්‍රේමයක් පෙන්වන නිසා ඒ අය එක්ක ඔහුට තියෙන බැඳීම හැමදාටම තියෙනවා

මේ ගැන හිතන්න. ‘යෙහෝවා දෙවියන් වගේ දයාන්විතව සහ කරුණාවන්තව වැඩ කරන්න මට පුළුවන් කොහොමද?’