Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | නික්මයාම 35-36

දෙවියන් ඔහු වෙනුවෙන් ඕනම දෙයක් කරන්න හැකියාව ලබා දෙනවා

දෙවියන් ඔහු වෙනුවෙන් ඕනම දෙයක් කරන්න හැකියාව ලබා දෙනවා

35:25, 26, 30-35; 36:1, 2

යෙහෝවා දෙවියන් බෙසලෙල්ට සහ ඔහොලියාබ්ට තමන් දුන්න සැලැස්මට අනුව ශුද්ධ කූඩාරම හදන්න අවශ්‍ය බලය ලබා දුන්නා. අද ඉන්න තමන්ගේ සේවකයන්ටත් දෙවියන් ඔහුගේ බලය ලබා දෙනවා. අපිට ඒකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් කොහොමද?

  • යෙහෝවා දෙවියන් වෙනුවෙන් සේවය කරන්න අපිට තියෙන හැකියාවන් දියුණු කරගන්න දෙවියන්ගේ බලය ඉල්ලලා අපි යාච්ඤා කරන්න ඕනේ

  • අපි දෙවියන්ගේ වචනය උනන්දුවෙන් අධ්‍යයනය කරන්න ඕනේ

  • අපිට බාර දීලා තියෙන ඕනෙම පැවරුමක් අපි උපරිමයෙන්ම කරන්න ඕනේ

යෙහෝවා දෙවියන් ඔහුගේ බලය ලබා දෙන්නේ ඔයාට ලැබෙන මොන වගේ පැවරුම් ඉටු කරන්නද?