යහපත් ක්‍රිස්තියානීන් වෙමු
යෙහෝවා දෙවියන් එක්ක තියෙන බැඳීම වටිනා දෙයක් විදිහට සලකන්න
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට ලැබිලා තියෙන්නේ විශේෂ වරප්‍රසාදයක්. ඒ තමයි දෙවියන්ට කැප වෙලා බව්තීස්ම වුණු ක්‍රිස්තියානීන් විදිහට විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියන් එක්ක හුඟක් කිට්ටු බැඳීමක් පවත්වගන්න අවස්ථාව ලැබිලා තියෙන එක. දෙවියන් තම පුතා මාර්ගයෙන් ඔහුට ළං වෙන්න අපිට අවස්ථාව දීලා තියෙනවා. (යොහ 6:44) ඒ වගේම දෙවියන් අපේ යාච්ඤාවලට ඇහුම්කන් දෙනවා.—ගීතා 34:15.
යෙහෝවා දෙවියන් එක්ක තියෙන වටිනා බැඳීම රැකගන්න අපිට පුළුවන් කොහොමද? ඒක කරන්න පුළුවන් එක විදිහක් තමයි ඊශ්‍රායෙල්වරුන් කරපු වැරදි නොකර ඉන්න එක. එයාලා යෙහෝවා දෙවියන් එක්ක ගිවිසුමක් ඇති කරගෙන වැඩි කල් යන්න කලින් රන් වස්සෙක්ව හදලා ඒකට නමස්කාර කළා. (නික් 32:7, 8; 1කොරි 10:7, 11, 14) මේ ගැන හිතලා බලන්න. ‘වැරදි දෙයක් කරන්න පෙලඹීමක් එන වෙලාවලදී මං වැඩ කරන්නේ කොහොමද? යෙහෝවා දෙවියන් එක්ක මට තියෙන බැඳීම වටිනා දෙයක් විදිහට සලකනවා කියලා මං වැඩ කරන විදිහෙන් පේනවාද?’ ස්වර්ගයේ ඉන්න අපේ පියාණන් ගැන අපිට තියෙන ආදරය, ඔහු පිළිකුල් කරන දේවලින් ඈත් වෙන්න අපිට උදව් වෙනවා.—ගීතා 97:10.
‘යෙහෝවා දෙවියන් එක්ක ඔයාට තියෙන බැඳීම රැකගන්න’ (කොලො 3:5) කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
-
තණ්හාව කියන්නේ මොකක්ද?
-
අපි රූප නමස්කාරයෙන් සහ කෑදරකමෙන් වළකින්න ඕනෙ ඇයි?
-
අනාචාරය සහ රූප නමස්කාරය අතර තියෙන සමානකම මොකක්ද?
-
විශේෂයෙන්ම සංවිධානයේ වගකීම් දරන අය තම සහකරුවාට ආදරය සහ සැලකිල්ල පෙන්වන එක වැදගත් ඇයි?