යහපත් ක්‍රිස්තියානීන් වෙමු
අද්දැකීම් ලත් සහෝදරයන්ගෙන් ඔයාට ඉගෙනගන්න පුළුවන් මොනවාද?
අවුරුදු ගාණක් තිස්සේ යෙහෝවා දෙවියන්ට සේවය කරලා තියෙන සහෝදර සහෝදරියන් අපේ සභාවල ඉන්නවා. එයාලා දිගටම යෙහෝවා දෙවියන් ගැන විශ්වාසය තියලා වැඩ කරන විදිහ අපිට කදිම ආදර්ශයක්. යෙහෝවා දෙවියන්ගේ සංවිධානයේ ඉතිහාසය ගැන, එයාලට මුහුණ දෙන්න වුණු අභියෝග ගැන, ඒවා ජය ගන්න දෙවියන් උදව් කරපු විදිහ ගැන එයාලගෙන් අහලා දැනගන්න අපිට පුළුවන්. අපේ පවුලේ නමස්කාරයට එයාලට ආරාධනා කරලා ඒ දේවල් ගැන එයාලගෙන් අහන්න පුළුවන්.
ඔයා අවුරුදු ගාණක් තිස්සේ යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව සේවය කරලා තියෙන කෙනෙක් නම් ඔයාගේ අද්දැකීම් ගැන සභාවේ අයට කියන්න අදිමදි කරන්න එපා. යාකොබ් සහ යෝසෙප් එයාලගේ අද්දැකීම් දරු මුනුපුරන් එක්ක බෙදාගත්තා. (උත් 48:21, 22; 50:24, 25) පස්සේ කාලෙක යෙහෝවා දෙවියන් පවුලේ මූලිකයන්ට කිව්වා ඔහුගේ ශ්‍රේෂ්ඨ ක්‍රියා ගැන දරුවන්ට කියලා දෙන්න ඕනෙ කියලා. (ද්වි 4:9, 10; ගීතා 78:4-7) දෙමාපියන්ටත් සභාවේ අනිත් අයටත් පුළුවන් යෙහෝවා දෙවියන් සංවිධානය මාර්ගයෙන් ඉටු කරලා තියෙන පුදුමාකාර දේවල් ගැන දරුවන්ට කියලා දෙන්න.
‘තහංචි මැද එක්සත්ව සිටීමට දැරූ වෑයම!’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
-
ඔස්ට්‍රියාවේ ශාඛා කාර්යාලය, අපේ වැඩකටයුතු තහනම් කරලා තිබුණු සමහර රටවල හිටිය සහෝදරයන්ට උදව් කළේ කොහොමද?
-
ඒ රටවල සහෝදරයන් එයාලගේ විශ්වාසය ශක්තිමත්ව තියාගත්තේ කොහොමද?
-
රුමේනියාවේ හිටිය හුඟක් ප්‍රචාරකයන් යෙහෝවා දෙවියන්ගේ සංවිධානයෙන් ඈත් වුණේ ඇයි? ආපහු සංවිධානයට එකතු වෙන්න එයාලා පෙලඹුණේ ඇයි?
-
ඒ අද්දැකීම් නිසා ඔයාගේ විශ්වාසය ශක්තිමත් වුණාද? ඒ කොහොමද?