Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | උත්පත්ති 48-50

මහලු අයගෙන් හුඟක් දේවල් අපිට ඉගෙනගන්න පුළුවන්

මහලු අයගෙන් හුඟක් දේවල් අපිට ඉගෙනගන්න පුළුවන්

48:21, 22; 49:1; 50:24, 25

මේ අවසාන කාලයේ යෙහෝවා දෙවියන් කරලා තියෙන “පුදුමාකාර දේවල්” ගැන මහලු සහෝදරයන්ගෙන් දැනගන්න පුළුවන්. (ගීතා 71:17, 18) ඒවාට ඇහුම්කන් දෙද්දී යෙහෝවා දෙවියන් ගැනත් ඔහු දීලා තියෙන පොරොන්දු ගැනත් අපිට තියෙන විශ්වාසය තවත් ශක්තිමත් වෙනවා. ඔයාගේ සභාවෙත් මහලු සහෝදර සහෝදරියන් ඉන්නවා නම් මේ දේවල් ගැන එයාලගෙන් අහලා දැනගන්න.

  • අභියෝග මැද වුණත් දිගටම සේවය කරන්න යෙහෝවා දෙවියන් උදව් කළේ කොහොමද?

  • ප්‍රචාරකයන්ගේ ගණන වැඩි වෙනවා දකිද්දී හැඟුණේ කොහොමද?

  • බයිබල් සත්‍යයන් ගැන තියෙන අවබෝධය වැඩි වෙද්දී ඒ ගැන හැඟුණේ කොහොමද?

  • කාලෙන් කාලෙට යෙහෝවා දෙවියන්ගේ සංවිධානයේ වුණු වෙනස්කම් මොනවාද?